Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ධර්මරාජ විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ධර්මරාජ විද්‍යාලයීය ‘ලේක් විව්‘ ක්‍රිඩාංගණයේදී පැවැති තුන්දින ක්‍රිකට් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් විය. තරගයේ වැඩි ගෞරව දිනාගත් ධර්මරාජ විදුහල මුල් ඉනිමේ ජය හිමිකර ගත්තේය.
පළමුවෙන් පන්දුවට පහර දුන්ධර්මරාජ පිතිකරුවෝ සියලු දෙනා දැවී ලකුණු 442ක වාර්තාගත ලකුණු පුවරුවක් නිර්මාණය කළහ. ධර්මරාජ විදුහල වෙනුවෙන් කාශ්යරප දිසානායක (128) සහ ලක්වින් අබේසිංහ (135) ශතක වාර්තා කිරීමට සමත් වූ අතර තරිඳු වර්ණකුලගේ (81) අර්ධ ශතකයක් ලබාගත්තේය.
පිළිතුරු ඉනිම ආරම්භ කළ ශාන්ත අන්තෝනි පිතිකරුවන් සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 217ක් පමණි. ඉනිමක පරාජයෙන් බේරීමට නැවතත් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශාන්ත අන්තෝනි පිතිකරුවෝ තරගයේ තුන්වැනි දිනය පුරා තම කඩුලු රැක ගනිමින් කඩුලු 06 ක්දැවී ලකුණු 291ක් රැස්කර ගනිමින් තරඟය ජය පැරදුමෙන් තොරව අවසන් කර ගැනීමට සමත් වූහ.
එහිදී අන්තෝනි විදුහල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ දිනුල් විජේසිංහ(105) සහ තිළිණ එදිරිසිංහ (71) අර්ධ ශතක ලබාගත්හ.
ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම - ඕවර 98.1 කදී සියලුදෙනා දැවී ලකුණු 442 යි
(කාශ්‍යප දිසානායක 128, චනුත් චන්දිර 16, තරිඳු වර්ණකුලගේ 81, ලක්වීන් අබේසිංහ 135, ඉසුරු පන්නල 45, කවිඳු ගුණරත්න 13, ඔනීජ සේසත්28, බිමශ් සමරසිංහ103/4, කෙවින් ප්‍රනාන්දු 61/2, නේදන් ඊබට් 75/3)
ශාන්ත අන්තෝනි පළමු ඉනිම - ඕවර 59.5 කදී සියලු දෙනා දැවී 217 යි
(තරිඳු වර්ණකුලගේ 13, නේදන් ඊබට් 27, බිමශ් සමරසිංහ 29, දිනුල් විජේසිංහ 31, දක්ෂික මනුකල්ප 48/4, ලක්වීන් අබේසිංහ 39/3)
ශාන්ත අන්තෝනි දෙවැනි ඉනිම - ඕවර 90 කදී කඩුලු 6 ට 291 යි
(ජනුක රත්නායක 27, තිළිණ එදිරිසිංහ 71, දිනුල් විජේසිංහ 105, චාරුක ඒකනායක 41, කෙවින් ප්‍රනාන්දු 39. දක්ෂික මනුකල්ප 90/2, ලක්වින් අබේසිංහ 69/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.