Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ෂෂ වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පානදුර රාජකීය විදුහල අද (20 වැනිදා) සමත් විය.
මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව කඩුලු 2 ක ජයක් අත්කර ගනිමින් පානදුර රාජකීයයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 114 ක ඉලක්කයක් හඹාගිය රාජකීය ක්‍රීඩකයෝ ඕවර 30.3 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී බණ්ඩාරනායක විදුහලේ කනිෂ්ක මාලිංග ලකුණු 29 කට කඩුලු 4 ක්ද, කවිෂ්ක ජයවර්ධන ලකුණු 17 කට කඩුලු 3 ක්ද දවාගත් නමුත් ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බණ්ඩාරනායක විදුහල ලකුණු 113 කට සීමා කිරීමට හසන්ත වරුනජිත් (28/4) සහ මිලින්ද සංජය (26/3) ප්රමුඛ රාජකීය විදුහල් පන්දු යවන්නෝ සමත් වූහ.
බණ්ඩාරනායක විදුහල - ඕවර 32.3 කදී සියලු දෙනා දැවී 113
(රුසිත් කවිෂ්ක 27, එස්.ඩී. සුරංග 21, හසන්ත වරුනජිත් 28/4, මිලින්ද සංජය 26/3, හිමේෂ් ප්‍රනාන්දු 15/2)
රාජකීය විදුහල - ඕවර 30.3 කදී කඩුලු 8 ක් දැවී 116
(කනිෂ්ක මාලිංග 29/4, කවිෂ්ක ජයවර්ධන 17/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.