Last Update  :  2024-12-26 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School පාසල් කණ්ඩායම් 266ක් තරග බිමේ

පාසල් කණ්ඩායම් 266ක් තරග බිමේ

editorial - 2024 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ III වැනි කොටසේ ‘බී‘ තලයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කණ්ඩායම් 266ක් තරග වදිති. තරග පැවැත්වීමේදී මෙන්ම පාසල් කණ්ඩායම් වල පහසුවද සලකා බලමින් මෙම කණ්ඩායම් කාණ්ඩ 48 කට වෙන්කර තිබේ.

පළමු කොටසේදී ලීග් ක්‍රමයට තරග වදින පාසල් කණ්ඩායම් 266 අතුරින් කණ්ඩායම් 132ක් දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇති අතර, දෙවැනි වටයේ සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වේ. දෙවැනි වටයේදී පාසල් කිහිපයකට පමණක් පසුගිය වසරේ දස්කම් අනුව ඉදිරියට යාමේ අවස්ථාව දී තිබේ.

බස්නාහිර පළාතෙන් පාසල් කණ්ඩායම් 74ක්, දකුණු පළාතෙන් පාසල් කණ්ඩායම් 38ක්, මධ්‍යම පළාතෙන් පාසල් කණ්ඩායම් 45ක්,  වයඹ පළාතෙන් පාසල් කණ්ඩායම් 20ක්, සබරගමුව පළාතෙන් පාසල් කණ්ඩායම් 23ක්,  ඌව පළාතෙන් පාසල් කණ්ඩායම් 18ක්, උතුරු මැද පළාතෙන් පාසල් කණ්ඩායම් 11ක්, නැගෙනහිර පළාතෙන් පාසල් කණ්ඩායම් 24ක් සහ උතුරු පළාතෙන් පාසල් කණ්ඩායම් 13ක් වශයෙන් මෙවර තරගාවලියට එක්ව සිටිති.

පසුගිය වසරේ තරගාවලියේ ශූරතාව දිනාගත්තේ හොරණ රාජකීය විද්‍යාලයයි. අම්බලන්තොට ශාන්ත මරියා විද්‍යාලය අනු ශූරයන් බවට පත්විය. ශූරයන් සහ අනු ශූරයන් වූ කණ්ඩායම් දෙකම  III වැනි කොටසේ ‘ඒ‘ තලයේ තරගාවලියට උසස්වීම් ලැබ සිටිති.

2025 ජනවාරි මස 31 දින වන විට මෙම තරගාවලියේ පළමු වටය අවසන් විය යුතුය. ඉන් පසුව දෙවැනි වටය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය කටයුුතු යොදා ඇත.


අදහස් (0)

පාසල් කණ්ඩායම් 266ක් තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.