Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘ඒ‘ තලයේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සුදුසුකම් ලබාගෙන සිටී. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය මෙම කොටසේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේ පිට පිට තුන්වැනි වරටය.
පසුගිය වර ශූරතාව දිනාගත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පසුගිය වසරේදීත් අනු ශූරයින් වූ කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමගින් තරග වදිනු ඇත.
කොළඹ බී.ආර්.සී. පිටියේ පැවැති අවසන් පූර්ව තරගයේදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් තම සම්ප්‍රදායික ප්‍රතිවාදී න් වන කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 6 කින් පරාජය කරමින් අවසන් තරගයට මෙවරත් සුදුසුකම් ලැබීය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ දිමන්ත මහවිතාන ලකුණු 74ක් රැස් කළේය.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය - ඕවර 50 කදී 158 යි
(කෞශික කුමාරසිංහ 35, කෙවාන් ප්‍රනාන්දු නොදැවී 34, සදෙව් අමරකෝන් 31, මලිත් රත්නායක 23/3, ස්වේත් අනුරජීව 25/3)
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය - ඕවර 45.3 කදී කඩුලු 4 ක් දැවී 159 යි
(දිමන්ත මහවිතාන 74, චනිරු සේනාරත්න නොදැවී 44, ඇඩම් හිල්මි 22, රයන් ග්‍රෙගරි 30/2)
දිමන්ත මහවිතාන...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.