Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සමත් විය.
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී පානදුර රාජකීය විදුහලට එරෙහිව ලකුණු 24 ක ජයක් වාර්තා කරමින් කුලරත්න ක්රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
එහිදී පී. ද එස්. කුලරත්න විදුහලේ හිරුෂ දෙව්මික (56) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම කවීෂ් සත්සර ලකුණු 18 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
පී. ද එස්. කුලරත්න විදුහල - ඕවර 45 කදී කඩුලු 6 ක් දැවී 231
(හිරුෂ දෙව්මික 56, රවිෂාන් නෙත්සර 44, චරිත් චිරංජීව නොදැවී 32, ශසිඳු කෞෂාන් නොදැවී 25, මහීෂ ප්රභාෂන 25, සෙතික දිල්මිත් 24/2, ලකිඳු චංචල 41/2, ජයෝද් සිල්වා 62/2)
පානදුර රාජකීය විදුහල - ඕවර 45 කදී කඩුලු 9 කට දැවී 207
(කවීෂ පෙරේරා නොදැවී 51, ජයෝද් සිල්වා 33, රුසිත් ජයවර්ධන 27, කවීෂ ද සිල්වා 24, කවීෂ් සත්සර 18/3, ලෂීන් වනිඳු 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.