Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට පොළොන්නරුව රාජකීය විදුහල අද (20 වැනිදා) සමත් විය.
පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල් ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 141 ක ජයක් අත්කර ගනිමින් පොළොන්නරුව රාජකීයයෝ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.
එහිදී රාජකීය විදුහලේ සමිත් සුපුන්තන (52) සහ තෙමින්ද කෝකිල (51) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම තීක්ෂණ නුවන් සහ කවිඳු ආමන්ත කඩුලු 3 බැගින් දවාගත්හ.
රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 246
(සමිත් සුපුන්තන 52, තෙමින්ද කෝකිල 51, දිලීෂ සඳරුවන් නොදැවී 34, ජිනජිත් දුල්මික 27, ඉසුරු පෙරේරා 56/3, ආක්මල් ෆාස්ලි 34/2, දිලංක දළුවත්ත 42/2, යේෂිත කළුපහන 57/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල - ඕවර 21 කදී සියලු දෙනා දැවී 105
(රුසිරු ප්‍රනාන්දු 55, තීක්ෂණ නුවන් 13/3, කවිඳු ආමන්ත 18/3, දීලීෂ සඳරුවන් 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.