Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 88 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත් විය.
එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ පසන් සුවහස් පන්දු 141 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 16 ක් සමග ලකුණු 150 ක් රැස්කළේය.
ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 309
(පසන් සුවහස් 150, ශාරුජන් ශන්මුගනාදන් 58, කොලිත හිම්සර 38, ජී. කැන්ස්ටන් 56/3, අකාෂ් ප්‍රනාන්දු 35/2, මහිත් පෙරේරා 32/2)
සාන්ත තෝමස් විදුහල - ඕවර 44.3 කදී සියලු දෙනා දැවී 221
(සේනාධි බුලන්කුලම 57, ජී. කැනිස්ටන් 60, මහිත් පෙරේරා 34, ඩිලාන් තාබෘ 45/2, චමත් චාතුර්ය 27/4, සචින් සේනානායක 37/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.