Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
------------------
ශානුක අරවින්ද
-------------------
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්රිකට් තරගාවලියේ I වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විදුහල අද (22 වැනිදා) සමත් විය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් ක්රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලට එරෙහිව ලකුණු 131 ක පහසු ජයක් වාර්තා කරමින් මහින්ද විදුහල් ක්රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුහ.
නවෝද් පරණවිතාන (62) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැගූ සුබානු රාජපක්ෂ (62), ඉන් නොනැවතී ධනුජ ඉඳුවර (73) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 96 ක වේගවත් සම්බන්ධතාවක්ද ගොඩනැඟුවේය.
ප්රවේගකාරී පිතිහරඹයක නිතර වූ ධනුජ ඉඳුවර පන්දු 32 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමග එම ලකුණු 73 රැස්කළ අතර පන්දු 71 කදී වාර්තා වූ නවෝද්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක්ද, පන්දු 87 කදී වාර්තා වූ සුබානුගේ අර්ධ ශතකයට හතරේ පහර 5 ක්ද ඇතුළත් විය.
මහින්ද විදුහල - ඕවර 43 කදී කඩුලු 8 ක් දැවී 252
(ධනුජ ඉඳුවර 73, නවෝද් පරණවිතාන 62, සුබානු රාජපක්ෂ 62, කෞෂාන් විජේරත්න 28/2)
ජෝෂප් වාස් විදුහල - ඕවර 38 කදී සියලු දෙනා දැවී 121
(කවිඳු ලක්ෂාන් 08/2, සුබානු රාජපක්ෂ 11/2, නවෝද් පරණවිතාන 23/2, කුෂාන් මදූෂ 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.