Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මාරිස්ටෙලා විදුහල ඉනිමක ජයක් ලබයි

මාරිස්ටෙලා විදුහල ඉනිමක ජයක් ලබයි

editorial - 2020 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මීරිගම ඩී.එස්. සේනානායක විදුහල සහ තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල අතර ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 133 ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට මාරිස්ටෙලා විදුහල සමත් විය.

එහිදී මාරිස්ටෙලා විදුහලේ දිනුක නිමේශ් (102) ශතකයක් ලබාගත් අතර සවිදු හේෂාන් (96), දයාන් සචින්තන (82) සහ කනිශ්ක හසිත් (73) අර්ධ ශතක ලබාගත්හ.

ඩී.එස් සේනානායක විදුහල් පළමු ඉනිම - ඕවර 44 කදී සියලු දෙනා දැවී 189
(නෙතුම් මනෝද්‍ය 91, සවිදු හේශාන් 70/5, පසිදු ප්‍රභාශන 48/3)

මාරිස්ටෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 74.4 කදී කඩුලු 9 ක් දැවී 421
(දිනුක නිමේශ් 102, සවිදු හේෂාන් 96, දයාන් සචින්තන 82, කනිශ්ක හසිත් 73, නෙතුම් අනෝද්‍යන 114/4)

ඩී.එස් සේනානායක විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32.5 කදී සියලු දෙනා දැවී 99
(දිත්මින හසරංග 25, හසුන් සේනාදීර 25, දයාන් සචින්තන 12/5, පසිදු ප්‍රභාෂන 25/3)

-036


අදහස් (0)

මාරිස්ටෙලා විදුහල ඉනිමක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.