Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School මාරිස්ටෙලා විදුහලත් අවසන් පූර්ව වටයට

මාරිස්ටෙලා විදුහලත් අවසන් පූර්ව වටයට

editorial - 2022 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මීගමුව මාරිස්ටෙලා විදුහල සමත් විය.

කොළඹ ඩී.එස්. සේනානායක විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී මොරටු විද්‍යාලයට එරෙහිව ලකුණු 107 ක ජයක් වාර්තා කරමින් මාරිස්ටෙලා ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.

එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ මාරිස්ටෙලා විදුහලේ මහිඳු මලිත් නොදැවී ලකුණු 42 ක් රැස්කරමින්, ලකුණු 14 කට කඩුලු 3 ක්ද දවාගත්තේය.


මාරිස්ටෙලා විදුහල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 230
(මහිඳු මලිත් නොදැවී 42, කවිත දිනාල්‍ය 36, හංසජ හිරුණ්‍ය 34, ශේන් ආදිත්‍ය 26, මලිත් රූපසිංහ 51/3, තුෂාන් නිමන්ත 09/2, මධුර ගිම්හාන 48/2)

මොරටු විද්‍යාලය - ඕවර 40 කදී සියලු දෙනා දැවී 123
(ඉසුරු නිදර්ෂණ 33, ෂේන් ආදිත්‍ය 19/4, මහිඳු මලිත් 14/3)

-036

 


අදහස් (0)

මාරිස්ටෙලා විදුහලත් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.