Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ පළමු කොටසේ ‘ඒ‘ තලයේ පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත්විය.
අනුරාධපුර සමාධි ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් පූර්ව තරගයේදී මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය විසින් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් වාර්තා කරන ලදි. ඒ අනුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගත්තේය.
අවසන් පූර්ව තරගයේදී පළමුව පන්දුවට පහරදුන් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය වෙනුවෙන් මානස මධුභාෂණ අගනා ශතකයක් ලබාගත්තේය. ශාන්ත ජෝෂප් විද්‍යාල ඉනිමේ 7වැනි කඩුල්ලට ලකුණු 167 අගනා සබඳතාවයක් පැවැත්වීමට මානස මධුභාෂණ සහ යෙනුල දෙව්තුස (74) සමත්වූහ. මානස මධුභාෂණ පන්දු 180කදී හතරේ පහර 12ක් සමගින් ලකුණු 116 ක් රැස් කළේය. ශාන්ත සෙබස්තියන් පිල වෙනුවෙන් අදේෂ් අල්මේදා ලකුණු 47 කට කඩුලු 6ක් දවාලීය.
පහසුවෙන්ම ශාන්ත ජෝෂප් පිල අභිබවා ගිය සෙබස්තියානුවෝ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 342ක් රැස් කිරීමට සමත් වූහ. සෙබස්තියන් ඉනිමට අලංකාරය එක්කළ උෂේන් සිල්වා පන්දු 137 කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 5 ක් සමගින් ලකුණු 106ක් රැස් කළ අතර, පන්දු 94කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 99 ක් රැස් කිරීමට අංක 10 පිතිකරු මලින්ත සිල්වා සමත්විය. ඩේමියන් ද සිල්වා ශාන්ත ජෝශප් පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වීය.
තරගය නිමාවන විට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ඕවර 15 කදී කඩුල්ලක් පමණක් දැවී ලකුණු 107ක් රැස් කර තිබිණ.
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - පළමු ඉනිම 270 යි
(මානස මධුභාෂණ 116, යෙනුල දෙව්තුස 74, රිෂ්ම අමරසිංහ 31, අදේෂ් අල්මේදා 47/6, රිසිනු ප්‍රබේෂ් 39/2)
මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම - 342 යි
(උෂේන් සිල්වා 106, මලින්ත සිල්වා 99, නවෝද් ප්‍රනාන්දු 49, කවීෂ පෙරේරා 48, ඩේමියන් ද සිල්වා 127/5, යෙනුල දෙව්තුස 96/3)
කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය - දෙවැනි ඉනිම - කඩුලු ට 107 යි
(අවීෂ සමාෂ් නොදැවී 48, සෙනුජ වැකුණුගොඩ නොදැවී 31, අභිෂේක් ජයවීර 26)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.