Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර ඉදිරියේදී පැවැත්වෙන 19 න් පහළ ක්‍රිකට් තරග රංජිත් ප්‍රනාන්දු - කුමාර් බොරලැස්ස කුසලාන වෙනුවෙන් පැවැත්වේ. විදුහල් දෙකේම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අමිල මෙහෙවරක් කළ මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනාට ගෞරව පිණිස පැවැත්වෙන මුල්ම ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (6 සහ 7) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විශිෂ්ටතම කඩුලු රකින්නකු වන රංජිත් ප්‍රනාන්දු, කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ හිටපු කීර්තිමත් ක්‍රීඩකයෙකි. කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.) පිල ද නියෝජනය කළ කුමාර් බොරලැස්ස, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු විශිෂ්ට ක්‍රීඩකයෙකි.
වසර 100 කට වැඩි ඉතිහාසයක් සහිත සාන්ත තෝමස් - ශා. බෙනඩික්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රාහකයන්ට කුසලානයක් පිරිනමමින්, එය රංජිත් ප්‍රනාන්දු - කුමාර් බොරලැස්ස කුසලාන යනුවෙන් නම් කළ යුතු යයි යන යෝජනාව ගෙන එන ලද්දේ සාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වන මාක් බිලිමෝරියා විසිනි. ඊට පූර්ණ එකඟතාව පළකළ ආදි තෝමස් ක්‍රීඩා සමාජය, ඒ සඳහා වන කුසලානය නිර්මාණය කරමින් පරිත්‍යාග කිරීමට එකඟ විය.
රංජිත් ප්‍රනාන්දු - කුමාර් බොරලැස්ස කුසලාන වෙනුවෙන් හෙට (6 වැනිදා) ඇරඹෙන තරගයේදී සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම කවිඳු ඩයස් විසින් මෙහෙයවනු ලබයි. ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන ශාරුජන් ශන්මුගනාදන් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවයි.
මෙම විදුහල් දෙකටම ඇත්තේ වසර 150 කට ආසන්න ක්‍රිකට් ඉතිහාසයකි. ශාන්ත තෝමස් විද්‍යාලය වර්ෂ 1880 සිටම ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින අතර ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයද එම කාලයේදීම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ බව සැලකේ. එහෙත් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ප්‍රථම ක්‍රිකට් තරගය ලෙසින් වාර්තා වන්නේ 1887 දී කළුතර ශාන්ත ජෝන් විද්‍යාලයට එරෙහිව පැවැති තරගයකි.
සාන්ත තෝමස් විදුහල සහ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරග ඉතිහාසය වසර 112 ක් පමණ වේ. වසර 1912 දී හෝ 1913 දී එය ආරම්භ වී තිබේ.
එහි අවසන් ජයග්‍රාහකයා වන්නේ වසර මලිත් පෙරේරාගේ නායකත්වය යටතේ තරගය ජයගත් ශාන්ත තෝමස් විද්‍යාලයයි. ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය අවසන් වරට සාන්ත තෝමස් විද්‍යාලය පරදවා ඇත්තේ 1964 දී සුනිල් ප්‍රනාන්දුගේ නායකත්වයෙනි.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.