Last Update  :  2025-04-16 19:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රත්ගම දේවපතිරාජ අවසන් තරගයට
13 න් පහළ ක්‍රිකට්

රත්ගම දේවපතිරාජ අවසන් තරගයට

editorial - 2024 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට්  තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී අද (30 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී ප්‍රබල ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් අවසන් තරගයකට සුදුසුකම් ලැබීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය. රත්ගම දේවපතිරාජ විද්‍යාලය අවුරුදු 13 න් පහළ පළමු කොටසේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ තම පාසල් ඉතිහාසයේ පළමු වතාවටය. 

අවසන් පූර්ව තරගයේදී රත්ගම දේවපතිරාජ පිලේ නායක දියත් සංජිත කඩුලු ත්‍රිත්වයක් ද සමගින් ලකුණු 22කට කඩුලු 5 ක් දවාලීය. තරගයේ පළමු ඕවරයේදී  දෙවැනි, තෙවැනි සහ සිව්වැනි පන්දුවලදී තම කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට දියත් සංජිත සමත් විය.  දේවපතිරාජ පිලට එරෙහිව පන්දුවෙන් දස්කම් දැක්වූ රිච්මන්ඩ් නායක උදුල කුමුදක ලකුණු 10 කට කඩුලු 5 ක් දවාලූ නමුත් එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවිනි.

 

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 40.1 කදී සියලු දෙනා දැවී 64 යි 
(අකිඳු කවීෂ 18, දිනිඳු තීක්ෂණ 18, දියත් සංජිත 22/5, දෙනෙත් දිනුක 3/3)

රත්ගම දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 76  යි
(ශෂේන් මිත්සර 14, අධීෂ ගෞතම් 13, දෙනෙත් පැහැසර 13, උදුල කුමුදක 10/5, සිතුග රනුතිස 13/3, කිරුළිඳු සුවහස් 25/2)

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 07 යි


අදහස් (0)

රත්ගම දේවපතිරාජ අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.