Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ක්රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඩී.එස්. සේනානායක විදුහල අතර රාජකීය විදුහල් ක්රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 64 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී ඩී.එස්. සේනානායක විදුහල වෙනුවෙන් අභිෂේක් ලියනආරච්චි (107) ශතකයක්ද, මනෙන්ද්ර ජයතිලක (68) අර්ධ ශතකයක්ද ලබාගත් අතර රාජකීය විදුහල වෙනුවෙන් අහන් වික්රමසිංහ (70) අර්ධ ශතකයක්ද ලබාගත්හ.
රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 319
(අහන් වික්රමසිංහ 70, සිනෙත් ජයවර්ධන 49, රෙසඳු තිලකරත්න නොදැවී 42, සදිශ රාජපක්ෂ 33, කවිඳු පතිරත්න 30, උවිඳු වීරසේකර 22, ඉමේෂ් අදීශ 62/3, අමිත දාබරේ 60/2)
ඩී.එස්. සේනානායක විදුහල - ඕවර 48.4 කදී සියලු දෙනා දැවී 255
(අභිෂේක් ලියනආරච්චි 107, මනෙන්ද්ර ජයතිලක 68, ලසෙන් කේනුල 26, ඩෑන් පොද්දිවෙල 37/4, උවිඳු වීරසේකර 24/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.