Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ ඕවල් පිටියේදී දෙවිදුහල අතර පැවැති 17 වැනි රත් - රන් සටන වාර්ෂික එක් දින ක්‍රිකට් තරගයේදී ප්‍රතිවාදී කොළඹ අශෝක විදුහල කඩුලු දෙකකින් පරාජය කිරීමට කෝට්ටේ රාජගිරිය ජනාධිපති විදුහල සමත් විය.
දෙවිදුහල අතර වාර්ෂික මහ තරගය ලෙස මෙම එක් දින තරගය පැවැත්වේ.පළමුවෙන් පන්දුවට පහර දුන් අශෝක විදුහලට ඕවර 42.5 කදී රැස් කර ගත හැකි වූයේ කඩුලු අටකට ලකුණු 156 ක් පමණි.
එහෙත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී ජනාධිපති පිතිකරුවන්ට ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට ඕවර 40.4 කදී කඩුලු අටක් වැය කිරීමට සිදු විය.ජනාධිපති විදුහල එහිදී රැස් කළ ලකුණු 159 න් 45 ක්ම අතිරේක ලකුණුවීම කැපී පෙණුනි.ඉන් 28 ක් වයිඩ් පන්දුය.ජනාධිපති පන්දු යවන්නෝද අශෝක ඉනිමට වයිඩ් පන්දු 22 ක් එක් කර තිබුණි.
කොළඹ අශෝක විදුහල ඕවර 42.5කදී කඩුලු 8 ට 156
(දුල්නෙත් හංසජ 14, චතුර ප්‍රබෝද් 20, උදයන්ත අභිලාෂ් 25, ඔමෙත් පෙරේරා 21, ඉසුරු කෞශල්‍ය නොදැවී 32, හිරුන් රණසිංහ 24/2, මළිදු රත්නායක 36/3, සිතුම් ඔසද 18/2)
රාජගිරිය ජනාධිපති විදුහල ඕවර 40.4 කදී කඩුලු 8 ට 159
( හිරුන් රණසිංහ 14, පුන්සර නෙත්මිණ 11, නෙවින්ද සත්සර 34, මළිදු රත්නායක 12, සෙතිල සෙව්හස් 13, ළහිරු කවීෂ්ක නොදැවී 25, දිසිනු සමරසිංහ 25/2, ඉසුරු කෞෂල්‍ය 32/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.