Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත් විය.
මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් අර්ධ අවසන් පූර්ව තරගයේදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව ලකුණු 37 ක ජයක් වාර්තා කරමින් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට පිවිසියහ.
එහිදී රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් විෂාර ප්‍රනාන්දු (58) සහ තමිඳු ප්‍රදීප්ත (52) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම ෂෙරෝන් අභිෂේක් ලකුණු 23 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
රිච්මන්ඩ් විදුහල - ඕවර 48.3 කදී සියලු දෙනා දැවී 198
(විෂාර ප්‍රනාන්දු 58, තමිඳු ප්‍රදීප්ත 52, ජනෙත් කෞෂාල් 29, ටේරවීන් මැතිව් 32/4, ළහිරු අබේසිංහ 41/2)
ශාන්ත අන්තෝනි විදුහල - ඕවර 35 කදී කඩුලු 9 ක් දැවී 134
(අසිත වන්නිනායක 33, මොහොමඩ් අකීල් 31, ෂෙරෝන් අභිෂේක් 23/4, හංසමාන ද සිල්වා 36/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.