Last Update  :  2025-01-22 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School රිවිත්ගෙන් තුන් ඉරියව් දස්කම්
19 න් පහළ ක්‍රිකට්

රිවිත්ගෙන් තුන් ඉරියව් දස්කම්

editorial - 2025 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ තරගයකදී කොළඹ ලුම්බිණි විද්‍යාලයට එරෙහිව ශතකයක් ද සමගින් තුන් ඉරියව් දස්කම් දැක්වීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ නායක රිවිත් ජයසූරිය සමත්විය.

මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලුම්බිණි විද්‍යාලය සිය මුල් ඉනිමේදී ලකුණු 64 කට දැවී ගියේය. ඉනිමක පරාජය අබියස සිටියද  ලුම්බිණි විද්‍යාලයේ පසුපෙළ පිතිකරුවන්ගේ ආරක්ෂාකාරී පිතිහරඹය හේතුවෙන් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. 

පිත්තෙන් දස්කම් දක්වමින් ශතකයක් ලබාගත් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ නායක රිවිත් ජයසූරිය පන්දුවෙන් ද දස්කම් දක්වමින් ඉනිම දෙකේදී කඩුලු 8 ක් ද දවාලීය.


වේල්ස් කුමර විද්‍යාලය - පළමු ඉනිම 251 යි 
(රිවිත් ජයසූරිය 112, පළිඟු පෙරේරා 30, පසන් කුරේ 29, නෙතුල් අනුහස් 23, දෙනෙත් සිතුමිණ 21, ඩිනාල් සෙව්මිණ 52/4,  ප්‍රවීන් මනීෂ 89/4)

ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම 64 යි 
(අශාන් ශනිල්ක 20, රිවිත් ජයසූරිය 9/3, නෙතුල් අනුහස් 18/3, ප්‍රසන්න ලක්මිණ 20/3)

ලුම්බිණි විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 9 ට 121 යි
(ප්‍රවීන් මනීෂ 33, පසිඳු මහීෂ 24, අශාන් ශනිල්ක 24 , රිවිත් ජයසූරිය 60/5, රුසඳු සිල්වා 20/2)


අදහස් (0)

රිවිත්ගෙන් තුන් ඉරියව් දස්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.