Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වංශාධිපතිවරුන්ගේ සටන අප්‍රේල් 4-5-6

වංශාධිපතිවරුන්ගේ සටන අප්‍රේල් 4-5-6

editorial - 2025 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රත්නපුර විශේෂ අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර ඇලෝසියස් විද්‍යාලය සහ රත්නපුර නව නගරයේ කුමර විද්‍යාලය අතර මෙවර වංශාධිපතිවරුන්ගේ සටන 2025 වාර්ෂික ක්‍රිකට් තරගය අප්‍රේල් මස 04,05.06 යන තෙදින තුළ රත්නපුර මහ නගරසභා සීවලී ක්‍රීඩාංගනයදී පැවැත්වේ.

සිවුවැනි වරට පැවැත්වෙන මෙවර වංශාධිපතිවරුන්ගේ සටනෙහි සුවිශේෂිත්වය වනුයේ මෙම විද්‍යාල ද්විත්වය අතර මෙන්ම, සබරගමු පළාත තුළ පළමු වතාවට පැවැත්වෙන තෙදින තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය වී තිබීම හේතුවෙනි. මේ පිළිබඳව 23වැනිදා රත්නපුර නව නගරයේ කේතුමතී උත්සවශාලාවදී පැවති මාධ්‍ය හමුවදී මේ බව අනාවරණය විය.

මහා ක්‍රිකට් තරඟයදී ඇලෝසියස් විද්‍යාලයේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම එම කණ්ඩායම් නායක සිතිජ ලක්ෂාන් හට පැවරී ඇත. මේ මහා ක්‍රිකට් තරගයදී කුමර විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ එහි කණ්ඩායම් නායක මුදිත දම්මිත් විසිනි.

රත්නපුර ඇලෝසියස්, රත්නපුර කුමර යන විද්‍යාලයන් නියෝජනය කළ පාසල් ක්‍රිකට් කණ්ඩායම් දෙකෙහි සහභාගීත්වයෙන් වසර 2018 දී වංශාධිපතිවරුන්ගේ සටන මහා ක්‍රිකට් තරගය මූලාරම්භය සිදුවිය. එසේ 2018දී ප්‍රථම වරට රත්නපුර මහ නගර සභා සීවලී ක්‍රීඩාංගනයදී පැවැති එම තරඟය ජය පරාජයෙන් තොරව නිමාවිය.

ඉන් අනතුරුව වසර කීපයක් කොරෝනා වසංගතයේ බලපෑම නිසා ක්‍රිකට් තරඟ පැවැත්වීම සිදුනොවීය.

ඉන්පසුව යළිත් 2023 වසරදී දෙවැනිවරට පැවති ඇලෝසියස්, කුමර විද්‍යාල ද්විත්වයන්හි මහා ක්‍රිකට් තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් විය.

පසුගිය 2024 වසරදී පැවැති තරගයදී රත්නපුර ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිමේ ජයගත් නමුත් එම තරඟය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීය.

මෙවර තරග වාරයේදී හතකින් තරඟ හතරක් පූර්ණ ජයග්‍රහණ ලබා ඇති අතර, තරග දෙකකදී පළමු ඉනිම ජයගෙන තිබිණ. එහිදී ඇලෝසියස් විද්‍යාල කණ්ඩායමේ අසිඳු දෙව්මිණ ඉනිම 14කදී අර්ධ ශතක 03ක් ඇතුළුව ලකුණු 378ක්ද, විනුජ තත්සර ඉනිම 12කදී අර්ධ ශතක 02ක් සමඟ ලකුණු 361ක්ද, භාණුක ජනිත්ප්‍රිය ඉනිම 14කදී අර්ධ ශතක 02 සමග ලකුණු 281 ක්ද රැස්කර පිත්තෙන් දස්කම් විදහාපෑමක යෙදිණි. දිසාස් දිනුලක සහ හිරුණ කේතකයන ක්‍රීඩකයන් දෙපළ එකසේ සම දක්ෂතා දක්වමින් ඉනිම 14කදි කඩුලු 48ක් බැගින් බිඳ හෙළන ලද අතර අශේන් උදයංග ඉනිම 14කදී කඩුලු 32ක් බිඳහෙලමින් පන්දු යැවීමේ අංශය සවිමත් කළහ.

මෙවර තරග වාරයේදී කුමර විද්‍යාල කණ්ඩායම තරඟ 06 කින් 04 කදී පූර්ණ ජයග්‍රහණයන්ද එක් තරගයකදී පළමු ඉනිම ජය ගැන්මටද සමත්විය. මෙවර තරගාවලියේ තරග 06තුළ කුමර විදුහල් කණ්ඩායමේ චේනිත රදින් ඉනිම 10කදි අර්ධ ශතක 03ක් සමඟ ලකුණු 210ක්, සිතුම් දිදුලංක ඉනිම 11කදී අර්ධ ශතක 02ක් ලකුණු 195ක්, සතික දහම්සිත් ඉනිම 08කදී අර්ධ ශතක 01ක් ඇතුළුව ලකුණු 156ක් වශයෙන් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. මේ තරඟවාරයදී තිනුක සත්සර ඉනිම 09කදී කඩුලු 26ක්, මුදිත දම්මිත් ඉනිම 05කදී කඩුලු 18ක්ද, පසිඳු කොඩිතුවක්කු ඉනිම 06කදී කඩුලු 15ක්ද බිඳහෙළමින් කණඩායමේ පන්දු යැවීමේ අංශයට ශක්තියක් විය.


අදහස් (0)

වංශාධිපතිවරුන්ගේ සටන අප්‍රේල් 4-5-6

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.