Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සඳලංකාව හේමලතා ඩී. හේවගේ)
ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල සහ මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසල අතර ප්‍රථම වරට පැවැත්වෙන විකුම් - සෙන් හරිත සටන මහ ක්‍රිකට් තරගය මෙම මස 28, 29 සහ 30 යන දිනයන්හිදී ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල් ක්‍රීඩා පිටියේදීත් පැවැත්වෙයි. මෙම පාසල් දෙක අතර එක් දින තරගය අප්‍රේල් 06 වැනිදා මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසල් ක්‍රීඩා පිටියේදීත් පවත්වනු ලැබේ.
“මෙය අපේ පාසල් දෙකටම සුවිශේෂී අවස්ථාවක්. ඩී එස් සේනානායක විද්‍යාලයේ වසර 72 ක දීර්ඝ ඉතිහාසයක් තුළ මෙවැනි මහා ක්‍රිකට් තරගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මේකයි. මහ ක්‍රිකට් තරගයක් සම්බන්ධයෙන් වික්‍රමශීලා ජාතික පාසලෙත් ප්‍රථම අත්දැකීම මෙයයි“
“මෙය අප පාසල් දෙකටම සාඩම්බර වගේම ගෞරවනීය අවස්ථාවක්“ යයි මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසලේ විදුහල්පති උදාර මිනුරංග කරුණාතිලක මහතා පැවසීය.
ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල සහ මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසල අතර පැවැත්වීමට නියමිත විකුම් සෙන් හරිත සටන ක්‍රිකට් තරගය පිළිබඳව එම විද්‍යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදී මීරිගම ඩී.එස්.සේනානායක ජාතික පාසලේ විදුහල්පති උදාර මිනුරංග කරුණාතිලක මහතා මෙම අදහස් පළ කර සිටියේ
එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදාර මිනුරංග මහතා මෙසේ ද පැවසීය.
“වසර දෙකකට ආසන්න කාලයක ඉඳන් මෙම ක්‍රිකට් තරගාවලිය පාසල් දෙකට අනුගත කරන්න අපි උත්සාහ ගත්තා. නමුත් පැවති විවිධ ගැටළු නිසා ඒක පස්සට ගියා. අද අපට හැකි වෙලා තියෙනවා අපේ පාසල් දෙකේ දරුවන්ට ඒ අවස්ථාව උදාකර දෙන්න.“
“අපේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමට පටන් අරගෙන දැන් වසර දෙකක් විතර වෙනවා. ඒ සඳහා අපේ පාසලේ ආදි ශිෂ්‍යයකු වන දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි සම්පත් ධනුෂ්ක මහතා විශාල කාර්යභාරයක් ඉටු කළා. මෙම තරගාවලිය සඳහා අපේ පාසල වෙනුවෙන් ප්‍රධාන සංවිධායකත්වය අරගෙන කටයුතු කරන ප්‍රබුද්ධ දසනායක මහතා , විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය, සහකාර විදුහල්පතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය විශාල සහයෝගයක් ලබා දෙනවා“
“මෙම තරගය සාර්ථක කර ගැනීම සඳහා අප වෙත ආයතන රැසක් මූල්‍යමය දායකත්වය ලබා දුන්නා. මෙහි ප්‍රධාන අනුග්‍රහකයා ලෙස දම්රෝ ආයතනය අපිට විශාල ශක්තියක් වුණා. එහි ප්‍රධාන අධ්‍යක්ෂ සුජිත් ගුණරත්න මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ධම්මිකා ආයතනය, රාජා මෝටර්ස්, සිල්වර් මිල්ස්, වැනි ආයතන රැසක් අපිට සහයෝගය දැක්වූවා“
“මීරිගම ප්‍රදේශයේ තියෙන එකම ජාතික පාසල වන අපේ පාසලටත් ප්‍රධාන පෙළේ පාසල් අතර තිබෙන මෙම ක්‍රිකට් සංස්කෘතිය අනුගත කරන්නයි අපි උත්සාහ කළේ. ඒ සමගම පාසලට ඇතිවන ජනප්‍රියත්වය, වටිනාකම කියන කාරණා සම්බන්ධව තක්සේරුවක අපි හිටියා. අපේ මංගල මහා ක්‍රිකට් තරගාවලිය ගිරිඋල්ල වික්‍රම ශීලා ජාතික පාසල සමග ආරම්භ කිරීමට අපි අදහස් කළේ ඒ නිසයි“
“මහ ක්‍රිකට් තරගය වගේම එක්දින තරගයත් නැරඹීම සඳහා අප සමග එකතු වනලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා“ යයි උදාර මිනුරංග මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.