Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ සී.ඩබ්.ඩබ්. කන්නංගර විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර කලපුවැව අශෝක ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 18 ක ජයක් අත්කර ගැනීමට විද්‍යාලෝක විදුහල සමත් විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ විද්‍යාලෝක විදුහලේ සචින්දු සෞම්‍ය (120) ශතකයක් ලබාගත් අතර එම විදුහලේම නදීර ඉෂාන් 52 කට කඩුලු 10 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
කන්නංගර විදුහල් පළමු ඉනිම - ඕවර 41 කදී සියලු දෙනා දැවී 84
(තීක්ෂණ පෙරේරා 20, නදීර ඉෂාන් 9/5, උමංග ඉමංජන 16/4)
විද්‍යාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 41 කදී කඩුලු 5 දැවී 280
(සචින්දු සෞම්‍ය 120, රමුදිත දිසල් 89, ගිහාන් අසංක නොදැවී 22, තරූෂ කුලරත්න 84/2, විභූති උෂාන් 89/2)
කන්නංගර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 53.5 කදී සියලු දෙනා දැවී 178
(අනුෂ්ක මුනසිංහ නොදැවී 64, දිනෙත් සෙනෙවිරත්න 45, විභූති උෂාන් 37, නදීර ඉෂාන් 43/5 සොනාල් රන්සර 6/2, උමංග ඉමංජන 61/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.