Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වෙස්ලි - ශාන්ත බෙනඩික් මහ ක්‍රිකට් තරගය 31 දා සිට
කාට්මන් කුසලාන

වෙස්ලි - ශාන්ත බෙනඩික් මහ ක්‍රිකට් තරගය 31 දා සිට

editorial - 2025 මාර් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර පස්වැනි වරට පැවැත්වෙන ‘කාට්මන් කුසලාන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය 31 වැනිදා සහ 1 වැනිදා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

මෙතෙක් පැවැති තරග 4 න් 3 ක් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්ව ඇති අතර එක් තරගයක් ජයගැනීමට ශාන්ත බෙනඩික් විදුහල සමත්ව තිබේ. ඉකුත් වසරේදී (2024) ශන්මුගනාතන් ශාරුජන්ගේ නායකත්වය යටතේ ශාන්ත බෙනඩික් විදුහල එම ජයග්‍රහණය ලැබීය. 

මෙවර තරගයේදී පිරිනමනු ලබන කුසලානයන් ශාන්ත බෙනඩික් විද්‍යාලයේ සහ වෙස්ලි විද්‍යාලයේ ප්‍රසිද්ධ විදුහල්පතිවරුන් දෙදෙනකුගේ නම්වලින් නම් කර ඇත. 

කාට්මන් කුසලානය වෙස්ලි විද්‍යාලයේ හිටපු විදුහල්පති ජේම්ස් කාට්මන් පියතුමන් සිහි කිරීම සඳහා නම් කර ඇති අතර එක්දින තරගයේ ජයග්‍රාහකයන් සඳහා පිරිනැමෙන ලූක් පළිහ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ හිටපු අධ්‍යක්ෂක ලූක් ග්‍රෙගරි පියතුමන් වෙනුවෙන් නම් කොට ඇත. 

මෙවර මහ ක්‍රිකට් තරගයේදී අනුග පහන්සර විසින් වෙස්ලි විදුහල් කණ්ඩායම මෙහෙයවනු ලබන අතර ශන්මුගනාතන් ශාරුජන් විසින් ශාන්ත බෙනඩික් විදුහල් කණ්ඩායම මෙහෙයවනු ඇත. 

 

ශාන්ත බෙනඩික් විදුහල් සංචිතය 
පළමු පෙළ - වමේ සිට
දිදුල එදිරිසූරිය, යොහාන් එදිරිසිංහ, මිහිල ජයවීර, මාරියෝ ප්‍රනාන්දු, හරෙන් ඔලගම, ජනිඳු නන්දසේන, නදුන් ප්‍රනාන්දු, අයේෂ් ගජනායක, මාණික්‍ය දේශප්‍රිය, දිනත් සෙනිල, දුමිඳු යෙහෙන්, අකේන් පෙරේරා, සමිඳු පීරිස්, ටෙහාන් බිටර්, ටි්‍රශේන් සිල්වා, විහඟ රත්නායක

දෙවන පෙළ - වමේ සිට
නායක ජූඩ් වාස් (ක්‍රීඩා පාලක), රෝහණ ප්‍රනාන්දු මහතා (භෞත චිකිත්සක), අසේල ජයසිංහ මහතා (ජ්‍යෙෂ්ඨ සහකාර ක්‍රිකට් පුහුණුකරු), පෙම්ලාල් ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු), ශන්මුගනාතන් ශාරුජන් (නායක), ආචාර්ය පුබුදු රාජපක්ෂ පියතුමා (අධ්‍යක්ෂක), ඇන්ටන් පියුමාල් පියතුමා (ක්‍රීඩා භාර ආචාර්ය), ලාල් වික්‍රමතුංග මහතා (උපදේශක), මෙවන් දිසානායක (උපනායක), ප්‍රගීත් නිශාන්ත මහතා (ජ්‍යෙෂ්ඨ සහකාර ක්‍රිකට් පුහුණුකරු), යසිත් උමයංග මහතා (ලකුණු සටහන්කරු), ඩබ්.එස්. ජනක් මහතා (සහකාර ක්‍රීඩා භාර ආචාර්ය)

 

වෙස්ලි විදුහල් සංචිතය 
පළමු පෙළ - වමේ සිට
එල්.එල්. එස් කබ්රාල් මහතා (භෞත චිකිත්සක), ලක්ෂාන් හේවගේ මහතා (ජ්‍යෙෂ්ඨ සහකාර පුහුණුකරු), කර්නල් රිසාන් හැමිඩන් මහතා (ක්‍රීඩා ප්‍රධානී), අනුග පහන්සර (නායක), අවංක ප්‍රනාන්දු මහතා (විදුහල්පති), රශ්මික අමරරත්න (උප නායක), නලින් නානායක්කාර මහතා (ක්‍රීඩා භාර ආචාර්ය), ඉම්රාන් තාහීර් මහතා (ප්‍රධාන පුහුණුකරු)
 
දෙවන පෙළ - වමේ සිට
බිනොත් සඳිල්, දෙනුවන් නෙත්මාල්, ජීවහන් ශ්‍රීරාම්, නෙහෙමියන් පෙරේරා, අනුක් පීරිස්, දිනුජ සමරරත්න, රුක්ෂාන් තරංග, සෙනාල් වීරසේකර, දිමත් සුදර්ශන්, දිනෙත් සිගේරා, ශමා ජොනතන්, ශෙහඳු ආතාවුද, සිතුක හංසිත්

තෙවන පෙළ - වමේ සිට
ලිතුම් සෙනුජ, මිනුක මන්දිනු, අධ්‍යාන් සියාන්, කවිඳු අමරසිංහ, දිනුල ඩයිසන්, එහ්රන් අලි, අහමඩ් අල් නයාන්, දෙව්මිත් තත්සිලු, දුල්ශාන් නෙත්මිණ, නදිල නෙත්මිණ

-036


අදහස් (0)

වෙස්ලි - ශාන්ත බෙනඩික් මහ ක්‍රිකට් තරගය 31 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.