Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.
එහිදී වේල්ස් කුමර විදුහලේ තරිඳු අමරසිංහ ලකුණු 144 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වූ අතර එම විදුහලේම පසිඳු පැතුම් (63) අර්ධ ශතකයක් ලබාගත්තේය.
වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 80.3 කදී කඩුලු 9 ක් දැවී 318
(තරිඳු අමරසිංහ 144, පසිඳු පැතුම් 63, කමේෂ් මෙන්ඩිස් 25, නදුක ප්‍රනාන්දු නොදැවී 22, ගිහාන් ඊබට් 81/3, සසිත් හිරුදික 59/2)
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 88.1 කදී සියලු දෙනා දැවී 246
(මොහොමඞ් කාමිල් 67, තරිඳු ලමාහේවගේ 40, අංජුල බණ්ඩාර 28, ගිහාන් ඊබට් නොදැවී 23, දිව්යේෂ් රාමයියා 21, කාවින්ද ද මෙල් 64/3,
ලක්ෂාන් පෙරේරා 21/2, රවිඳු ජනිත් 90/2)
වේල්ස් කුමර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 11 කදී කිසිවකු දැවී 26
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.