Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School වේල්ස් කුමරුවෝ මුල් ඉනිම දිනති

වේල්ස් කුමරුවෝ මුල් ඉනිම දිනති

editorial - 2024 නොවැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ ක්‍රිකට් තරගයකදී කාලය හරස්වීම හේතුවෙන් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ලබාගත හැකිව තිබූ පහසු ජයග්‍රහණයක් පසුගියදා ගිළිහී ගියේ මොරටුව ක්‍රීඩකයන්ට පළමු ඉනිමේ ජයක් ඉතිරි කරමිනි. 

කාසියේ වාසිය දිනා, පළමුවෙන් පන්දුවට පහර දුන් වේල්ස් කුමරුවෝ කඩුලු 8 කට ලකුණු 251 ක් ලබාගනිමින් සිය ඉනිම අත්හිටවූහ. සුහස් ප්‍රනාන්දු හතරේ පහර 10 ක් ද සහිතව ශතකයක් ලබාගත්තේය. 

නෙතුල් අනුහස්ගේ (27/5) විශිෂ්ට පන්දු යැවීම හමුවේ රිච්මන්ඩ් පළමු ඉනිම ලකුණු 87 කට සීමා වූ අතර පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දුන් රිච්මන්ඩ් ක්‍රීඩකයෝ දෙවැනි දිනයේ ක්‍රීඩාව නතර කරන විට කඩුලු 9 කට ලකුණු 149 ක් ලබා සිටියහ. නෙතුල් අනුහස් දෙවැනි ඉනිමේදීත් ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගත්තේය. 


වේල්ස් කුමර විදුහල - පළමු ඉනිම කඩුලු 8 ට 251 යි
(සුහස් ප්‍රනාන්දු 101, ඔශාන් මනීෂ 47, රිවිත් ජයසූරිය 25, ඔසඳු සිල්වා 23, මලිත් මිහිපංග 57/4)

රිච්මන්ඩ් විද්‍යාලය - පළමු ඉනිම 87 යි
(චමෝද් බිම්සර 26, නෙතුල් අනුහස් 27/5, රිවිත් ජයසූරිය 17/2, ප්‍රින්ස් ප්‍රනාන්දු 07/2)

රිච්මන්ඩ් විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 9 ට 149 යි
(නිකී ජයවීර 28, ඌරි කොත්තිගොඩ 32, නෙතුල් අනුහස් 36/5)


අදහස් (0)

වේල්ස් කුමරුවෝ මුල් ඉනිම දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.