Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රොෂාන් ගුණරත්න)
අන්තර් පාසල් වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය සමත් විය.
පනාගොඩ යුදහමුදා ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 3 ක ජයක් වාර්තා කරමින් අවසන් මහා තරගයට පිවිසීමට ශ්‍රී සුමංගල ක්‍රීඩකයන්ට හැකිවූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී සුමංගල විද්‍යාලය ඕවර 39.3 කදී කඩුලු 7 ක් දැවී ඉලක්කය පහසුවෙන් පසුකර යෑමට සමත්විය.
මුල් පෙළ කඩුලු ඉක්මනින් බිඳ වැටෙන විට එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් පන්දු 99 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි විශ්ව ළහිරු හතරේ පහර 2 ක් සමගින් ලකුණු 40 ක් ලබාගැනීමට සමත්විය.
විමේෂ් ප්රමුශංක ලකුණු 30 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද සිය පාසල පරාජයෙන් ගලවා ගැනීමට අපොහොසත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට ඕවර 40.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 116 ක් පමණි.
පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹයන් හේතුවෙන් ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමේ අවස්ථාව තිස්ස මැදි විදුහලෙන් ගිලිහී ගියේය. රන්දුල දසුන් ලකුණු 26 ක් සහ දනුක නිෂාද් ලකුණු 24 ක් ලබාගැනීමට සමත්වූහ.
විදූෂ පිරීස් කඩුලු 3 ක් ද, විශ්ව ළහිරු සහ මන්මිත දුල්රන් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
තිස්ස ම.ම. විද්‍යාලය - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී 116
(රන්දුල දසුන් 26, දනුක නිෂාද් 24, විදූෂ පිරීස් 13/3, විශ්ව ළහිරු 16/2, මන්මිත දුල්රන් 35/2)
ශ්‍රී සුමංගල විද්‍යාලය - ඕවර 39.3 කදී කඩුලු 7 ක් දැවී 120
(විශ්ව ළහිරු 40, විමේෂ් ප්රමුශංක 30/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.