Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13 න් පහළ I වැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය සමත්විය.
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවැති දෙවැනි වටයේ තරගයකදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය කැළණිය ගුරුකුල විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය. ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ශලොම් උයන්ගොඩ දක්ෂ පන්දු යැවීමක නිරතවෙමින් ලකුණු 16කට කඩුලු 5ක් දවාලීය.
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - පළමු ඉනිම ඕවර 47.3 කදී සියලු දෙනා දැවී 129
(සෙනුක මන්දිනු 44, ශලොම් උයන්ගොඩ 28, විමුක්ති මනතුංග 24/4, සෙන්දිනු උත්මල් 15/2, කිත්සර වේදික 44/2)
කැළණිය ගුරුකුල විද්‍යාලය - පළමු ඉනිම ඕවර 22.4 කදී සියලු දෙනා දැවී 72
(දිලෙන් තිනුක 29, ශලොම් උයන්ගොඩ 16/5)
ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය - දෙවැනි ඉනිම ඕවර 16 කදී කඩුලු 3 ට 105 යි
(තේනුක උදාන් නොදැවී 33, ඔකිත සෙත්සර 29, අබ්දුල්ලා අම්ජාඩ් 22, විමුක්ති මනතුංග 56/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.