Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත තෝමස් විදුහල මුල් ඉනිම ජයගනී

ශාන්ත තෝමස් විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ වෙස්ලි විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත තෝමස් විදුහලේ සචිර රශ්මික ලකුණු 78 ක් රැස්කරමින් සහ ලකුණු 62 කට කඩුලු 7 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය.

වෙස්ලි විදුහල් පළමු ඉනිම - ඕවර 86.1 කදී සියලු දෙනා දැවී 212
(සාහිල් ඩයස් 56, නිම්තක ඉඳුවර 27, රකිත ප්‍රනාන්දු 22, දෙනුවන් මෙන්ඩිස් 20, සචිර රශ්මික 62/7)

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 82.4 කදී සියලු දෙනා දැවී 315
(සචිර රශ්මික 78, හිරන්ත ලක්ෂාන් 58, හරිදු ජයසේකර 56, අෂේන් ශවින්ද 24, වෝෂිත අමරසිංහ 23, තෙනුක පෙරේරා 72/5, දෙනුවන් මෙන්ඩිස් 29/3)

වෙස්ලි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 19 කදී කඩුලු 2 ක් දැවී 61
(සාහිල් ඩයස් 35)

-036

 


අදහස් (0)

ශාන්ත තෝමස් විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.