Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල අද (10 වැනිදා) සමත් විය.
පොලොන්නරුව ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ජයග්‍රහණය සඳහා ලකුණු 137 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්හ. දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු අවීෂ සමාෂ් පළමු ඉනිමේදී ලකුණු 92 ක්ද, දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 71 ක්ද රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.
එහිදී ශාන්ත පීතර විදුහල් පිතිකරුවන් අසරණ කළ නුෂාන් පෙරේරා 130 කට කඩුලු 9 ක්ද, යෙනුල දෙව්තුස 83 කට කඩුලු 7 ක්ද බිඳහෙළමින් ශාන්ත ජෝෂප් විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත පිතර විදුහල් පළමු ඉනිම - ඕවර 85.2 කදී සියලු දෙනා දැවී 214
(දිලන දම්සර 46, ජොෂුවා සෙබස්තියන් 45, නේතන් ඩේවිඩ් 31, ජේසන් ප්‍රනාන්දු 28, තරීන් සංකේත් 25, යෙනුල දෙව්තුස 48/5, ඩෙමියන් ද සිල්වා 41/2, නුෂාන් පෙරේරා 61/2)
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 81.2 කදී සියලු දෙනා දැවී 245
(අවීෂ සමාෂ් 92, සෙනුජ වකුණුගොඩ 22, රිෂ්ම අමරසිංහ 24, දුනික් පෙරේරා 54, ජොෂුවා සෙබස්තියන් 19/3, තරීන් සංකේත් 46/3, තරින් සෙන්විදු 69/3)
ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38.2 කදී සියලු දෙනා දැවී 167
(ඊතන් රන්සිළුගේ 23, නේතන් ඩේවිඩ් 64, ලෂ්මික පෙරේරා 24, නුෂාන් පෙරේරා 69/7, යෙනුල දෙව්තුස 35/2)
ශාන්ත ජෝෂප් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 22.2 කදී කඩුල්ලක් දැවී 140
(අභිෂේක් ජයවර්ධන 33, අවීෂ සමාෂ් නොදැවී 71, සෙනුජ වකුණුගොඩ නොදැවී 29)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.