Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 13න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් අද (24) මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය තරගාවලියේ පළමු වටයේදී තම කාණ්ඩයේ ශූරයින් ලෙසින් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේය. දෙවැනි වටයේදී මහනුවර ධර්මරාජ විද්‍යාලය පරදවමින් තෙවැනි
වටයට සුදුසුකම් ලැබීය. තෙවැනි වටයේදී මොරටු විද්‍යාලය පරදවමින් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය තරගාවලියේ පළමු වටයේදී තම කාණ්ඩයේ අනු ශූරයින් ලෙසින් දෙවැනි වටයට සුදුසුකම් ලැබාගත්තේය. දෙවැනි වටයේදී වත්තල ශාන්ත ජෝශප් විද්‍යාලය පරදවමින් තෙවැනි වටයට පිවිසි රිච්මන්ඩ් ක්‍රීඩකයෝ තෙවැනි වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
ආදිත්‍ය ගුණවර්ධන මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාල පිල මෙහෙයවයි. උදුල කුමුදක ගාල්ල රිච්මන්ඩ් විද්‍යාල පිල මෙහෙයවයි.
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය සංචිතය -
උදුල කුමුදක (නායක), සදෙව් දෙව්මිණ, අකිඳු කවීෂ, ජනිරු නෙත්මික, උදිත අග්‍රශ්‍රී, කෙවින් කුල්ජාන්, සෙතුම් සඳුල්, දිනිඳු තීක්ෂණ, අවිශ්ක දෙනුවන්, කිරුළිඳු සුවහස්, සනිජ නෙත්මිර, නිතිෂ් මන්දිනු, පබසර වෙල්ලප්පිලි, දෙව්මිතු දුල්සර, සිතුග රනුතිස සහ චානුග ලක්වින්
චමිල් ගනේගොඩ (ක්‍රිකට් භාර ආචාර්ය), චන්දන අමරසිංහ (ක්‍රිකට් භාර ආචාර්ය), මහේෂ් සඳරුවන් (ප්‍රධාන පුහුණුකරු), ධනුෂ්ක ගලප්පත්ති (සහාය පුහුණුකරු), නිමේෂ් චතුරංග (සහාය පුහුණුකරු)
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විද්‍යාල සංචිතය -
ආදිත්‍ය ගුණවර්ධන (නායක), ශ්‍රීනෙත් ගුණවර්ධන (උප නායක), ලකිත්මාල් රණසිංහ, ෂහීර් ෆිරාස්, රසාංජන පහළකොටුව, කෞෂාන් බණ්ඩාර, බණ්ඩාර සමරකෝන්, එ්සර ගමගේ, අනුහස් සෙනෙවිරත්න, ඩිලක්ෂණ කුමාර, බාසිත් සකීබ්, බණ්ඩාර රත්නායක, භාසිත එගොඩවත්ත, ගයන සනුත්, ගගන බණ්ඩාර, දිනුජ ඒකනායක සහ දස්නක අබේසිංහ
ඒ. කේ. සෝමරත්න (කණ්ඩායම් භාර ආචාර්ය), ඒ. නිමේෂ මෙන්ඩිස් (ප්‍රධාන පුහුණුකරු), පී. අරූෂ මෙන්ඩිස් (සහාය පුහුණුකරු), චරිත් රාජගුරු (සහාය පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.