Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
පාසල් ක්‍රිකට් පිටියේ තවත් කුසලානයක ආරම්භය සනිටුහන් කරමින් පැවැති ශාන්ත බෙනඩික්ට් - සාන්ත තෝමස් අන්තර් පාසල් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූයෙන් ‘රංජිත් ප්‍රනාන්දු - කුමාර් බොරලැස්ස’ කුසලානය දෙපිලටම සමසේ හිමිවිය. මෙම පාසල් දෙක අතර තරග ඉතිහාසය වසර 1912 තරම් ඈතකට දිව යතත්, මේ වසරේ සිට මෙම දෙවිදුහල් අතර තරගය ‘රංජිත් ප්‍රනාන්දු - කුමාර් බොරලැස්ස’ කුසලාන වෙනුවෙන් පැවැත්විණ.
තරගය පසුගියදා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේදී පැවැත්විණ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය, මුල් දිනයේදීම ලකුණු 179 කට දැවී ගියේය. පළමු දිනය අවසානයේදීම කඩුලු 2 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටි සාන්ත තෝමස් පිතිකරුවෝ දෙවැනි දිනයේදී සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 කට ලකුණු 232 ක් ලබා ඉනිම නතර කළහ.
ශාන්ත බෙනඩික්ට් කණ්ඩායම දෙවැනි ඉනිමේදීත් ලකුණු 118 කට දැවී ගිය නමුත් නායක ශාරුජන් ශන්මුගනාදන් ලබාගත් සටන්කාමී ලකුණු 92 හේතුවෙන් පරාජයෙන් ගැලවීමට ශාන්ත බෙනඩික්ට් විදුහලට හැකිවිය. තරගය ජයගැනීමට තෝමසුවන්ට අවශ්‍යව තිබුණේ ලකුණු 65 ක් වූවත් ඒ සඳහා යාමට කාලය ප්‍රමාණවත් නොවූයෙත් තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.
තරගයේ දක්‍ෂතම පිතිකරු ලෙසින් ශාන්ත බෙනඩික්ට් නායක ශාරුජන් ශන්මුගනාදන් (92) තේරී පත්වූ අතර දක්‍ෂතම පන්දු යවන්නා ලෙසින් ශාන්ත තෝමස් විද්‍යාලයේ ඩැරන් ඩියාගෝ සම්මාන දිනාගත්තේය.
ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය - පළමු ඉනිම 179 යි
(ජනිඳු නන්දසේන 73, දිදුල එදරිසූරිය 29, ඒරන් ද සිල්වා 25/3, ඩැරන් ඩියාගෝ 28/2)
සාන්ත තෝමස් විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 9 ට 232 යි
(දිනෙත් ගුණවර්ධන 94, අවිනාශ් ප්‍රනාන්දු 46, මුදිත චාල්ස් 28, සමිඳු පීරිස් 34/4, නිර්වාන් ජයතිලක 46/2)
ශාන්ත බෙනඩික්ට් - දෙවැනි ඉනිම 118 යි
(ශාරුජන් ශන්මුගනාදන් 92, ඩැරන් ඩියාගෝ 28/4, කවිඳු ඩයස් 10/2,
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.