Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සරදම ගැටුමක් වී මාස 6 ක තහනමක්

සරදම ගැටුමක් වී මාස 6 ක තහනමක්

editorial - 2021 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එකක් කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පාසලකි. අනෙක කොළඹ දිස්ත්‍රික් මායිමේ පිහිටි පාසලකි. දිස්ත්‍රික් මායිමේ පිහිටි පාසලේ ක්‍රීඩකයෙක් අස්වී කොළඹ මහා විද්‍යාලයට ගියේ වඩා හොඳ ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වීමේ අරමුණ ඇතිවය.

මෙම පාසල් දෙක අතර පැවැති වයස 19 න් පහළ ක්‍රිකට් තරගයකදී දිස්ත්‍රික් මායිමේ සිට කොළඹ ආ ක්‍රීඩකයා ශතකයක් ලබාගත්තේය. ශතකය ලබාගැනීමෙන් පසුව තමන්ගේ අලුත් පාසලේ ලාංඡනය සිය පැරණි කණ්ඩායමේ සගයින්ට පෙන්නුවේ සරදමක් ලෙසිනි.

දිස්ත්‍රික් මායිමේ පිහිටි පාසලේ ක්‍රීඩකයකුද අර්ධ ශතකයක් ලබාගැනීමෙන් පසුව සිය පැරණි සගයා කළදේම කළේ ඔහුට එකට එක කිරීමක් ලෙසිනි. එපමණක් නොව, තරගයේ ජයග්‍රහණය කරා දිස්ත්‍රික් මායිමේ පිහිටි කණ්ඩායම කැඳවාගෙනත් ගියේය.

තරගය නිමා වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් සුහදතාව පළකිරීමට යාමේදී මහා විද්‍යාලයේ ක්‍රීඩකයෙක් අනෙක් පැත්තේ ක්‍රීඩකයකුට කම්මුල් පහරක් ගැසීම නිසා ගැටුමට මුල් වූ ක්‍රීඩකයාට මාස 6 තරග තහනමක් පැනවීමට පාසල් ක්‍රිකට් සංගමය පියවර ගෙන තිබේ.

මෙලෙස මාස 6 තරග තහනමක් පනවා ඇත්තේ කොළඹ පිහිටි ප්‍රමුඛ පෙළේ පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයකුට වන අතර දිස්ත්‍රික් මායිමේ පිහිටි පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයාටද මාස 6 ක් තුළ තරග 5 ක අත්හිටවූ තහනමක් පැනවීමට පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ.


-036  

 


අදහස් (0)

සරදම ගැටුමක් වී මාස 6 ක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.