Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School සා.තෝමස් - ධර්මපාල තරගය විසඳුමකින් තොරයි

සා.තෝමස් - ධර්මපාල තරගය විසඳුමකින් තොරයි

editorial - 2021 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රොෂාන් ගුණරත්න)

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති සම්ප්‍රදායික දෙදින තරගය ජය පරාජයෙන් තොරව අද (30 වැනිදා) අවසන් විය.

සාන්ත තෝමස් විද්‍යාලීය පළමු ඉනිම වෙනුවෙන් ජනිඳු අබේගුණවර්ධනද දෙවැනි ඉනිම වෙනුවෙන් රයන් ප්‍රනාන්දුද අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ. තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූ මනිත් පෙරේරා ලකුණු 80 කට කඩුලු 8 ක් දවාගත් අතර ඔහුට පෙරේරාට අනගි සහයක් ලබාදුන් සහන් විමුක්තිද ලකුණු 52 කට කඩුලු 5 ක් දවාගත්තේය.

තිසර වික්‍රමසිංහ අර්ධ ශතකයක් (70) ක් සහ කඩුලු 4 ක් දවාගනිමින් ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ අතර මෙනූෂ පබසර කඩුලු 4 ක් දවාගැනීමට සමත්විය.

සා.තෝමස් විද්‍යාලීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 206
(ජනිඳු අබේගුණවර්ධන 58, රයන් ප්‍රනාන්දු 35, ඉනෝෂන් දේව්චන්ද්‍ර 28, ජී.ගැනිස්ටන් නොදැවී 34, මෙනූෂ පබසර 73/4, තිසර වික්‍රමසිංහ 82/3)

ධර්මපාල විද්‍යාලීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 114
(රෂ්මිත හිමන්ත 37, පසිඳු තීක්‍ෂණ 37, මනිත් පෙරේරා 27/4, සහන් විමුක්ති 21/3, ජී.ගැනිස්ටන් 26/2)

සා.තෝමස් විද්‍යාලීය දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 138
(සේනාධී බුලංකුලම 33, රයන් ප්‍රනාන්දු 52)

ධර්මපාල විද්‍යාලීය දෙවැනි ඉනිම - කඩුලු 8 ක් දැවී 172
(පසිඳු තීක්‍ෂණ 25, හිරුපවන් සුරංග 20, තිසර වික්‍රමසිංහ 70, මනිත් පෙරේරා 53/4, සහන් විමුක්ති 31/2)


අදහස් (0)

සා.තෝමස් - ධර්මපාල තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.