Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
මහනුවර විද්‍යාර්ථ විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පැවැත්වෙන 62 වැනි සුරතලුන්ගේ සටන වාර්ෂික මහ ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (25 වැනිදා) සවස ක්‍රීඩාව නිමාවට පත්වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත සිල්වෙස්ටර් විදුහල කඩුලු 4 ක් දැවී ලකුණු 167 ක් ලබා සිටියේය. ශාන්ත සිල්වෙස්ටර් විදුහල කඩුලු 6 ක් අතැතිව විද්‍යාර්ථ විදුහලට වඩා ලකුණු 84 ක් ඉදිරියෙන් සිටිති.
විට චාරුක අයේෂාන් නොදැවී ලකුණු 42 ක්ද, කවිෂ්ක දිල්ෂාන් නොදැවී ලකුණු 23 ක්ද ලබා සිටියහ.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශාන්ත සිල්වෙස්ටර් විදුහලේ ශෂික බස්නායක ලකුණු 21 කට කඩුලු 5 ක් දවාගනිමින් විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමුවේය.
හෙට (26 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 83
(ශෂික බස්නායක 21/5, අකිල වික්‍රමසිංහ 21/2)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල් පළමු ඉනිම - ඕවර 45 කදී කඩුලු 4 ක් දැවී 167
(මලීෂ සිල්වා 56, ඉඳුවර කනක 25, චාරුක අයේෂාන් නොදැවී 42, කවිෂ්ක දිල්ෂාන් නොදැවී 23, ආදිත්‍ය බණ්ඩාර 50/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.