Last Update  :  2025-03-31 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School හොරණ ශ්‍රී මේධංකර බාලිකාවෝ ශූරතාව දිනති
19 පහළ II වැනි පෙළ බාලිකා ක්‍රිකට්

හොරණ ශ්‍රී මේධංකර බාලිකාවෝ ශූරතාව දිනති

editorial - 2025 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සඳලංකාව හේමලතා ඩී හේවගේ)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන ලද අන්තර් පාසල් 19 පහළ II වැනි පෙළ බාලිකා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලීය කණ්ඩායම සමත් විය. පන්නල බෝපිටිය මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී පැවැති ඕවර 25 කින් යුත් අවසන් මහ තරගයේදී මොනරාගල කුඹුක්කන මහා විද්‍යාලීය කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමින් හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලීය ක්‍රීඩිකාවෝ මෙම ශූරතාව දිනාගත්හ.

පළමුවෙන් පන්දුවට පහර දුන් මොණරාගල කුඹුක්කන මහා විද්‍යාලීය කණ්ඩායම ඕවර 24.1 කදී සියලු දෙනා දැවී ලකුණු 112 ක් ලබාගත්තේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ ඕවර 21.5 කදී ලකුණු 113 ක් ලබා ගනිමින් අවසන් මහ තරගය ජයගත්හ. 

අවසන් තරඟයේ දක්ෂතම පන්දු රකින්නිය ලෙස හොරණ මේධංකර මහා විද්‍යාලයේ දිනිඳි දන්දිලා  ක්‍රීඩිකාව සම්මාන දිනාගත්තාය. දක්ෂතම පන්දු යවන්නිය වූයේ සෙනුකි හසානි ක්‍රීඩිකාවයි. දක්ෂතම පිතිකාරිනිය වූයේ ද හොරණ මේධංකර මහා විද්‍යාලයේ මෙතුනි හේෂා ක්‍රීඩිකාවයි.

ජයග්‍රහණය කළ කණ්ඩායම් සඳහා කුසලාන හා සහතික පත් පිරිනැමීම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති තිලක් වතුහේවා, උප සභාපති (කාන්තා ක්‍රිකට් සංවර්ධන සභාපති) විරාජිත් කඩවද්දුම, භාණ්ඩාගාරික ඩී එම් රාජරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක මොරිස් ද සිල්වා, ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ විදුහල්පතිනි දමයන්ති සතරසිංහ, බෝපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රශාන්තිකා ලලනී, බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමයේ සංවර්ධන නිලධාරි (මෙම තරගාවලියේ සම්බන්ධීකාරක) රනිල් පෙරේරා යන මහත්ම මහත්මීන් ඇතුළු ආරාධිත අමුත්තන් අතින් සිදු කරනු ලැබිණ. 

 

මොණරාගල කුඹුක්කන මහා විද්‍යාලීය කණ්ඩායම ඕවර 24.1 කදී සියලු දෙනා දැවී ලකුණු 112 යි
(චමුදි මුණසිංහ 23, බිනෝලි පබසරා 23, සෙනුකි හසන්දා 14/5, කවීෂා කල්පනී 19/2, හිමාෂා නෙත්මිණි 20/2)

හොරණ ශ්‍රී මේධංකර මහා විද්‍යාලය ඕවර 21.5 කඩුලු 7 ට කදී 113 යි 
(නෙත්තරණී නෙහාරා 41, දිනිඳි දන්දිලා නොදැවී 25, රණුකි නෙහාරා 22, චමුදි මුණසිංහ 21/2, හිරුණි ලක්ෂානි 21/2)

හොඳම පන්දු රකින්නිය, හොඳම පන්දු යවන්නිය, හොඳම පිතිකාරිනිය යන ත්‍රිත්වයම දිනාගත් හොරණ මේධංකර මහා විද්‍යාලයේ දිනිඳි දන්දිලා, සෙනුකි හසානි සහ මෙතුනි හේෂා ක්‍රීඩිකාවන් කුසලාන ලබා ගැනීමෙන් පසු

 

අනුශූරතාව හිමිකරගත් මොණරාගල කුඹුක්කන මහා විද්‍යාලීය කණ්ඩායම 


අදහස් (0)

හොරණ ශ්‍රී මේධංකර බාලිකාවෝ ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.