Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර චිතගොන්හිදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වන අද ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පිතිකරු කුමාර් සංගක්කාර සිය 34 වැනි ටෙස්ට් ශතකය රැස්කරමින් ලෝක ටේස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ශතක ලාභීන් අතර පස්වැනි ස්ථානයට පත්විය.
සංගක්කාර මේ තරගයට පෙර ශතක 33 ක් රැස්කරමින් හත්වැනි ස්ථානයේ පසු විය.
කුමාර් සංගක්කාර මෙන්ම ටෙස්ට් පිටියේ සිටි අද්වීතීය පිතිකරුවන් වන සුනිල් ගවස්කාර් සහ බ්‍රයන් ලාරාද ටෙස්ට් ශතක 34 බැගින් වාර්තා කර තිබේ. නමුත් සංගක්කාර තරග 122 කදී ශතක 34 සම්පූර්ණ කළ හෙයින් ගවස්කාර්ට (තරග 125 කදී) සහ බ්‍රයන් ලාරාට (තරග 131 කදී) වඩා ඉදිරියට පැමිණ සිටී.
ඉන්දීය පිතිකරු සුනිල් ගවස්කාර් 1987 දී සිය 29 වැනි ටෙස්ට් ශතකය ලබාගැනීමට පෙර බොහෝ දෙනා විසින් සලකන ලද්දේ එය පසුකර යා නොහැකි කඩයමක් ලෙසිනි. එහෙත් සුනිල් ගවස්කාර් පසුව එම වාර්තාව ටෙස්ට් ශතක 34 දක්වා ඉදිරියට ගෙන ගිය අතර ගවස්කාර්ගෙන් පසුව ටෙස්ට් පිතිකරුවෝ 9 දෙනෙක් ශී‍්‍රමත් ඩොනල්ඞ් බ්රැඞ්මන් පසුකර ගියහ.
කෙසේ වෙතත් බ්රැඞ්මන් පසුකර ගිය සෙසු සියලූම පිතිකරුවන් ටෙස්ට් තරග 100 කට වඩා කී‍්‍රඩා කර ඇතත් බ්රැඞ්මන් එම ශතක 29 සඳහා සහභාගි වී ඇත්තේ ටෙස්ට් තරග 52 කට පමණි. ඔහුගේ විශිෂ්ටත්වයද එයමය.
ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ ටෙස්ට් ශතක 29 පසුකර ගිය පිතිකරුවෝ | ||||
ක්‍රීඩකයා | තරග | ලකුණු | ශතක | අ. ශතක |
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව) | 200 | 15,921 | 51 | 68 |
ජැක් කලිස් (දකුණු අප්‍රිකාව) | 166 | 13,289 | 45 | 58 |
රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව) | 168 | 13,378 | 41 | 62 |
රාහුල් ද්‍රාවිඩ් (ඉන්දියාව) | 164 | 13,288 | 36 | 63 |
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව) | 122 | 10,836 | 34 | 45 |
සුනිල් ගවස්කාර් (ඉන්දියාව) | 125 | 10,122 | 34 | 45 |
බ්‍රයන් ලාරා (බ.ඉ.කො.) | 131 | 11,953 | 34 | 48 |
මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව) | 143 | 11,307 | 33 | 46 |
ස්ටීව් වෝ (ඕස්ට්‍රේලියාව) | 168 | 10,927 | 32 | 50 |
මැතිව් හේඩ්න් (ඕස්ට්‍රේලියාව) | 103 | 8,625 | 30 | 29 |
ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව) | 52 | 6,996 | 29 | 13 |
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.