Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිති

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ කෙන්යානු ජාතික කණ්ඩායම අතර පසුගියදා ශී‍්‍ර ලංකාවේදී පැවැති විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේදී පිත්තෙන් සාර්ථක දස්කම් පෙන්වීමට ශී‍්‍ර ලංකාවේ තරුණ පිතිකරුවෝ සමත් වූහ.

කිසිදු පෙර සූදානමකින් තොරව හිටි අඩියේ සංවිධානය කෙරුණු තරගාවලියකදී තමන් ලද අවස්ථාවෙන් ප‍්‍රයේජන ගැනීමට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන් සමත් වූ නමුත් මෙම තරගාවලිය පැවැතියේ අන්තර්ජාතික වි:20 ශ්‍රේණිගත කිරීම් අනුව අංක 1 ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාවේ (ශ්‍රේණිගත ලකුණු 128 යි) ‘ඒ’ කණ්ඩායමත් අන්තර්ජාතික වි:20 ශ්‍රේණිගත කිරීම් අනුව 14 වැනි ස්ථානයට පත්ව සිටින කෙන්යානු පිලත් (ශ්‍රේණිගත ලකුණු 41) අතර බව සැලකිය යුතුය.

තරග 7 කින් සමන්විත තරගාවලියේදී ළහිරු තිරිමාන්න, නායක දිනේෂ් චන්දිමාල් සහ කිත්රුවන් විතානගේ තරග 4 ක් බැගින් කී‍්‍රඩා කරමින් ලකුණු 40.00 ඉක්මවූ සාමාන්‍යයක් රඳවාගත් අතර ඇන්ජලෝ පෙරේරාගේ තරගයක සාමාන්‍යය 35.50 ක් විය. එහෙත් සෙසු පිතිකරුවන් අතර තමාගේ සුවිශේෂී ස්වභාවය යළිත් වරක් පසක් කළ කුසල් ජනිත් පෙරේරා තරග 2 කට පමණක් කී‍්‍රඩා කරමින් ලකුණු 135 ක් ලබාගත්තේ තරගයක සාමාන්‍යයද ලකුණ 135.00 ක් ලෙස රඳවා ගනිමිනි.

තරග 4 කට බැගින් කී‍්‍රඩා කළ ළහිරු ජයරත්න සහ රමිත රඹුක්වැල්ල කඩුලූ 6 ක් බැගින් දවාගත් අතර ජීවන් මෙන්ඩිස් තරග 3 කදීකඩුලූ 6 ක් දවාගත්තේය. තරග 4 කදී  ඕවර 14 ක් යැවූ ශාමින්ද එරංගගේ  ඕවරයකින් කෙන්යානු පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 4.42 ක් පමණි

(සංඛ්‍යා දත්ත සැකසීම - රොෂාන් ගුණරත්න)

ශී‍්‍ර ලංකා ‘ඒ’ - පිතිකරුවන්ගේ දස්කම්

ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබාගැනීම සහ පන්දු රැකීම
                       
නම නො. ලකුණු වැ. ල. 100 50 0 සාමාන්‍යය උ.ප. ස්ට.
කුසල් ජනිත් 2 2 1 135 81 0 2 0 135.00 1 2
ළහිරු තිරිමාන්න 4 2 1 59 36* 0 0 0 59.00 5 0
නිරෝෂන් දික්වැල්ල 2 2 1 42 42 0 0 0 42.00 2 0
දිනේෂ් චන්දිමාල් 4 3 1 81 32* 0 0 0 40.50 1 0
කිත්රුවන් විතානගේ 4 2 1 40 20* 0 0 0 40.00 0 0
ධනුෂ්ක ගුණතිලක 3 3 0 109 70 0 1 0 36.33 1 0
ඇන්ජලෝ පෙරේරා 4 2 0 71 56 0 1 0 35.50 2 0
ජීවන් මෙන්ඩිස් 3 2 1 34 18 0 0 0 34.00 0 0
උපුල් තරංග 4 4 0 121 52 0 1 0 30.25 0 0
මහේල උඩවත්ත 2 2 0 45 31 0 0 0 22.50 0 0
දිල්හාර ලොකුහෙට්ටිගේ 3 2 1 16 14* 0 0 0 16.00 0 0
ෂෙහාන් ජයසූරිය 3 3 0 44 32 0 0 0 14.66 1 0
ඉෂාන් ජයරත්න 2 1 0 10 10 0 0 0 10.00 0 0
මිලින්ද සිරිවර්ධන 3 2 1 10 6 0 0 0 10.00 2 0
චතුරංග ද සිල්වා 3 2 0 16 10 0 0 0 8.00 1 0
අෂාන් ප‍්‍රියංජන් 3 3 1 16 9 0 0 0 8.00 0 0
ඉසුරු උදාන 4 1 0 8 8 0 0 0 8.00 2 0
සීකුගේ ප‍්‍රසන්න 4 2 1 7 4 0 0 0 7.00 1 0
රමිත රඹුක්වැල්ල 4 1 0 7 7 0 0 0 7.00 2 0
යශෝධ ලංකා 2 2 1 5 5* 0 0 1 5.00 1 0
අකිල ධනංජය 3 1 0 0 0 0 0 1 0.00 1 0
ළහිරු ජයරත්න 4 1 1 3 3* 0 0 0 - 1 0
ශාමින්ද එරංග  4 - - - - - - - - 2 0
කෝසල කුලසේකර 3 - - - - - - - - 1 0
                       
කෙටි යෙදුම්
-තරග, -ඉනිම,  නො-නොදැවීම්,  වැ.ල.- වැඩිම ලකුණු,  උ.ප.- උඩපන්දු,  ස්ට-ස්ටම්ප් කිරීම්
                       

 

ශී‍්‍ර ලංකා  ‘ඒ’ - පන්දු යවන්නන්ගේ දස්කම්

ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්ගේ පන්දු යැවීම            
නම තරග ඕවර නි. ඕ. ලකුණු කඩුලූ හො. ප.යැ. ඕ. ල. 
ශාමින්ද එරංග  4 14.0 1 62 3 5/1 4.42
මිලින්ද සිරිවර්ධන 3 11.0 0 55 3 14/2 5.00
ජීවන් මෙන්ඩිස් 3 10.0 0 51 6 14/4 5.10
ඉෂාන් ජයරත්න 2 4.0 0 23 2 23/2 5.75
අකිල ධනංජය 3 7.0 0 41 0 - 5.85
රමිත රඹුක්වැල්ල 4 13.0 0 77 6 23/3 5.92
සීකුගේ ප‍්‍රසන්න 4 12.0 1 75 4 21/2 6.25
චතුරංග ද සිල්වා 3 7.0 0 44 0 - 6.28
කෝසල කුලසේකර 3 6.0 0 38 2 8/1 6.33
දිල්හාර ලොකුහෙට්ටිගේ 3 8.4 0 56 3 20/3 6.46
ළහිරු ජයරත්න 4 10.0 0 65 6 15/2 6.50
ඉසුරු උදාන 4 14.0 0 105 2 17/1 7.50
ෂෙහාන් ජයසූරිය 3 1.0 0 9 0 - 9.00
ඇන්ජලෝ පෙරේරා 4 1.0 0 10 0 - 10.00
කිත්රුවන් විතානගේ 4 1.0 0 10 0 - 10.00
               
කෙටි යෙදුම්
නි.ඕ - නිලකුණු ඕවර,    හො.ප.යැ - හොදම පන්දු යැවීම,  ඕ.ල. - ඕවරයකදී ලකුණු

 

(ඡයාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (0)

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවෝ අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.