Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner ඇන්ඩසන්ගෙන් පන්දු 36 කදී ශතකයක්

ඇන්ඩසන්ගෙන් පන්දු 36 කදී ශතකයක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පන්දු 36 කින් සිය ශතකය සම්පූර්ණ කළ නවසීලන්ත තුන් ඉරියව් කී‍්‍රඩක කෝරි ඇන්ඩසන් වසර 43 ක එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය ලබාගැනීමේ ගෞරවය තමන් සතුකරගැනීමට අද (1 වැනිදා) සමත් විය.

කෝරි ඇන්ඩසන්ගේ ශතකයත් එක්දින ඉතිහාසයේ හයවැනි වේගවත්ම ශතකය ලබාගත් ජෙසී රයිඩර්ගේ පිතිහරඹයත් නිසා කොදෙව් පිලට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගයේදී බටහිර ඉන්දීය පිල පරාජය කරමින් ලකුණු 159 ක දැවැන්ත ජයක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායමට හැකිවිය.

වර්ෂාවෙන් බාධා ඇතිවූ මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම  ඕවර 21 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 283 ක් ලබාගත් අතර කෙදෙව් පිලට ලබාගත හැකිවූයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 124 ක් පමණි. මෙම ජයත් සමගින් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමවී තිබේ.

පන්දු 51 කට මුහුණ දුන් කෝරි ඇන්ඩසන් හයේ පහර 14 ක් සහ හතරේ පහර 6 ක් සිය ඉනිමට ඇතුළත් කළ නමුත් ඔහුගේ ශතකය සඳහා මුහුණ දුන්නේ පන්දු 36 කට පමණි. මෙම දස්කම සඳහා පැරණි වාර්තාව 1996 දී ශී‍්‍ර ලංකාවට එරෙහිව පන්දු 37 කදී ශතකයක් ලබාගත් පාකිස්තානු පිතිකරු සහීඞ් අෆ්රීඩි සතුවිය.

පන්දු 46 කදී ශතකයක් ලබාගත් ජෙසී රයිඩර් හයේ පහර 5 කින් සහ හතරේ පහර 12 කින් සිය ඉනිම සැරසීය.

ඇන්ඩසන්ගේ හයේ පහර 14, එක්දින තරගයකදී වාර්තාවූ තුන්වැනි වැඩිම හයේ පහර සංඛ්‍යාව වේ. වැඩිම හයේ පහර ගැසීමේ ලෝක වාර්තාව ඉන්දීය පිතිකරු රෝහිත් ෂර්මා (16) සතුවන අතර දෙවැනි ස්ථානය ෂේන් වොට්සන් (15) සතුය.

එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ පළමු වතාවට පන්දු 50 කට අඩුවෙන් ශතකයක් ලබාගත්තේ සනත් ජයසූරිය විසිනි. සනත් ජයසූරිය 1996 දී පාකිස්තානු පිලට එරෙහිව සිංගප්පූරුවේදී පන්දු 48 කින් ශතයක් ලබාගත් අතර මාස හයකට පසුව එම වාර්තාව සහීඞ් අෆ්රීඩි විසින් බිඳහෙළන ලදි.

නවසීලන්තය ඕවර 21 කදී කඩුලූ 4 ක් දැවී 283
(ජෙසී රයිඩර් 104, බ්‍රෙන්ඩන් මැකලම් 33, කෝරි ඇන්ඩසන් නොදැවී 131, ජේසන් හෝල්ඩර් 48/2)

බටහිර ඉන්දීය කොදෙව් ඕවර 21 කදී කඩුලූ 5 ක් දැවී 124
(ලෙන්ඞ් සිමන්ස් 13, චැඞ්වික් වොල්ටන් 17, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 56, නර්සිං ඩියොනරීන් 29, මිචෙල් මැක්ලෙනගන් 07/2)

පන්දු 50 කට අඩුවෙන් ශතකයක් ලබාගත් ක්‍රීඩකයෝ
ලකුණු ක්‍රීඩකයා පන්දු 6 ප. 4 ප. තරගය ස්ථානය
131* කෝරි ඇන්ඩර්සන් 36 14 6  බ.ඉ. කොදෙව් පිලට එරෙහිව ක්වීන්ස්ටවුන්හිදී
102 සහිඩ් අෆ්රිඩි 37 11 6 ශ්‍රී ලංකා පිලට එරෙහිව නයිරෝබිහිදී
147* මාක් බවුචර් 44 10 8 සිම්බාබ්වේ පිලට එරෙහිව පොචෙස්ට්‍රෝම්හිදී
117 බ්‍රයන් ලාරා 45 4 18 බංග්ලාදේශයට පිලට එරෙහිව ඩකාහිදී
102 සහිඩ් අෆ්රිඩි 45 9 10 ඉන්දියාවට පිලට එරෙහිව කාන්පූර්හිදී
104 ජෙසි රයිඩර් 46 5 12 බ.ඉ. කොදෙව්ට පිලට එරෙහිව ක්වීන්ස්ටවුන්හිදී
134 සනත් ජයසූරිය 48 11 11 පකිස්තානයට පිලට එරෙහිව සිංගප්පූරුවේදී
* නොදැවීම් සංකේතවත් කරයි

අදහස් (1)

ඇන්ඩසන්ගෙන් පන්දු 36 කදී ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.