Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner එක්දින පිතිකරුවන් අතර සංගාට 3 වැනි තැන

එක්දින පිතිකරුවන් අතර සංගාට 3 වැනි තැන

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු එක්දින තරගාවලියේ තරග 5 කදී ලකුණු 372 ක් ලබාගත් කුමාර් සංගක්කාර, සිය එක්දින තරග දිවියේ හොඳම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවට හිමිකම් කියමින් එක්දින අන්තර්ජාතික කී‍්‍රඩක ශ්‍රේණිගත කිරීම් අතරේ තුන්වැනි ස්ථානය නැවතත් අත්කරගත්තේය. මෙම තරගාවලියේදී සංගක්කාරගේ ඉනිමක සාමාන්‍යය ලකුණු 93 කි.

මේ වන විට සංගක්කාර සතු ප‍්‍රසාද ලකුණු 829, ඔහුගේ එක්දින තරග දිවියේදී ලබා ඇති ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවයි. ශී‍්‍ර ලාංකික වමත් පිතිකරුවා අවසන් වරට එක්දින පිතිකරුවන් අතර 3 වැනි ස්ථානයට පැමිණියේ වසර 2005 දීය.

පිතිකරුවන් අතරේ 6 වැනි ස්ථානයේ සිටින තිලකරත්න ඩිල්ෂාන්, එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයන් අතර සිවුවැනි ස්ථානයද අත්කරගෙන සිටී. මේ තුන් ඉරියව් දස්කම් අතර ඩිල්ෂාන් හොඳම තත්ත්වයට පත්වීමයි.


එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම

පළමු කී‍්‍රඩකයන් 10 දෙනා      

ස්ථානය ලකුණු නම කණ්ඩායම
1 853 හෂීම් අම්ලා දකුණු අප‍්‍රිකාව
2 845 ඒ. බී. ඞීවිලියර්ස් දකුණු අප‍්‍රිකාව
3 829 කුමාර් සංගක්කාර ශ‍්‍රී ලංකාව
4 819 විරාට් කෝලි ඉන්දියාව
5 789 ජොනතන් ට්‍රොට් එංගලන්තය
6 746 තිලකරත්න ඩිල්ෂාන් ශ‍්‍රී ලංකාව
7 741 මහේන්ද්‍ර සිං දෝනි ඉන්දියාව
8 712 මිස්බා -උල්- හක් පකිස්ථානය
9 678 ඇලිස්ටෙයාර් කුක් එංගලන්තය
10 669 රොස් ටේලර් නවසීලන්තය

 

නව ස්ථාන ලද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ   

 22     630     මහේල ජයවර්ධන ශ‍්‍රී ලංකාව
41 558 ඇන්ජලෝ මැතිව්ස්    ශ‍්‍රී ලංකාව
45 550 දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකාව
51 532 උපුල් තරංග ශ‍්‍රී ලංකාව
52 530 ළහිරු තිරිමාන්න ශ‍්‍රී ලංකාව

 

 

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම


පළමු කී‍්‍රඩකයන් 10 දෙනා  

ස්ථානය ලකුණු නම කණ්ඩායම
1 733 රවින්ද්‍ර ජදේජා ඉන්දියාව
2 733 සුනිල් නරේන් බටහිර ඉන්දිය කොදෙව්
3 718 ස්ටීවන් ෆින් එංගලන්තය
4 714 ජේම්ස් ඇන්ඩර්සන් එංගලන්තය
5 713 සයීඞ් අජ්මාල් පකිස්ථානය
6 699 රංගන හේරත් ශ‍්‍රී ලංකාව
7 684 ක්ලින්ට් මැකේ    ඕස්ටේ‍්‍රලියාව
8 678 මොහොමඞ් හෆීස් පකිස්ථානය
9 673 ලොන්වාබෝ සොත්සෝබි දකුණු අප‍්‍රිකාව
10 663 අබ්දුල් රසාක් බංග්ලාදේශය

 

නව ස්ථාන ලද ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ   

17       622    නුවන් කුලසේකර ශ‍්‍රී ලංකාව
19 616 ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකාව
23 606 ලසිත් මාලිංග ශ‍්‍රී ලංකාව
46 521 අජන්ත මෙන්ඩිස් ශ‍්‍රී ලංකාව
47 513 තිසර පෙරේරා ශ‍්‍රී ලංකාව
49 497 තිලකරත්න ඩිල්ෂාන් ශ‍්‍රී ලංකාව
81 419 සචිත‍්‍ර සේනානායක ශ‍්‍රී ලංකාව
90 397 ෆර්වීස් මහරූෆ් ශ‍්‍රී ලංකාව

 

 

එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම
 

ස්ථානය ලකුණු නම කණ්ඩායම
1 387 සකීබ් අල් හසන්    බංග්ලාදේශය
2 377 රවින්ද්‍ර ජදේජා    ඉන්දියාව
3 372 ෂේන් වොට්සන් ඕස්ටේ‍්‍රලියාව
4 371 තිලකරත්න ඩිල්ෂාන් ශ‍්‍රී ලංකාව
5 370 මොහොමඞ් හෆීස් පකිස්ථානය
6 344 ඇන්ජලෝ මැතිව්ස් ශ‍්‍රී ලංකාව
7 321 ෂහීඞ් අෆ්රිඞී පකිස්ථානය
8 282 ඩැරන් සැමී බටහිර ඉන්දිය කොදෙව්
9 273 කෙවින්  ඕ’බ‍්‍රයන් අයර්ලන්තය
10 264 පෝල් ස්ටි‍්‍රන් නෙදර්ලන්තය

 

(ඡයාරූපය: ශාන්ත රත්නායක)


අදහස් (9)

එක්දින පිතිකරුවන් අතර සංගාට 3 වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.