Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය තරග 5 - 0 ක් ලෙස පරාජය කරමින් අළු බඳුන තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියාව අත්කරගත් ජයග‍්‍රහණය සමගින් අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ තුන්වැනි ස්ථානයට පැනගැනීමට ඕස්ටේ‍්‍රලියානු පිල සමත් විය. මෙම තරගාවලියට පෙර ඕස්ටේ‍්‍රලියාවට අයත්ව තිබුණේ එහි පස්වැනි ස්ථානයයි.
එහිම ප‍්‍රතිඵලයක් වශයෙන් එංගලන්ත කණ්ඩායම 3 වැනි ස්ථානයේ සිට 4 වැනි ස්ථානය දක්වා පල්ලම් බැස තිබේ.
ප‍්‍රසාද ලකණු 133 ක් හිමිකරගෙන සිටින දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ පෙරමුණ ගෙන සිටී.
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දැන් පැවැත්වෙන තරගාවලිය ජයගතහොත් පමණක් ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව වැඩිකරගත හැකිවන නමුත් තරගාවලිය 0-0 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් වුවද ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 86 දක්වා පහළ බසිනු ඇත.
ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය මේ මස 8 වැනිදා ඩුබායි ජාත්‍යන්තර කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන අතර තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගය 16 වැනිදා සාජා කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ස්ථානය | (+/-) | කණ්ඩායම | ප්‍රසාද ලකුණු | (+/-) |
1 | ද. අප්‍රිකාව | 133 | ||
2 | ඉන්දියාව | 117 | ||
3 | (+2) | ඕස්ටේරලියාව | 111 | (+10) |
4 | (-1) | එංගලන්තය | 107 | (-9) |
5 | (-1) | පාකිස්තානය | 102 | |
6 | ශ්‍රී ලංකාව | 88 | ||
7 | බ.ඉ. කොදෙව් | 88 | ||
8 | නවසීලන්තය | 75 | ||
9 | සිම්බාබ්වේ | 34 | ||
10 | බංගලාදේශය | 18 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.