Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර මහේලට 4 වැනි තැන

ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර මහේලට 4 වැනි තැන

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 6 Comment
A A A

බංග්ලාදේශයට එරෙහිව මිර්පූර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී නොදැවී ලකුණු 203 ක් ලබාගත් මහේල ජයවර්ධන සිය 7 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය සම්පූර්ණ කරමින් ලොව වැඩිම ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර සිව්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීයේය.

ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් ද්විත්ව ශතක 12 සමගින් වැඩිම ද්විත්ව ශතක ලාභීන් අතර පෙරමුණේ පසුවෙයි. බටහිර ඉන්දීය දූපත් නියෝජනය කළ බ‍්‍රයන් ලාරා ද්විත්ව ශතක 9 ක්ද, ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාර ද්විත්ව ශතක 8 ක් සමගින්ද මහේලට වඩා ඉදිරියෙන් සිටිති.

එංගලන්ත කණ්ඩායමේ හිටපු ටෙස්ට් කී‍්‍රඩකයකු වන වොලී හැමන්ඞ් ද්විත්ව ශතක 7 ක් ලබාගෙන ඇත.

 

ටෙස්ට් ද්විත්ව ශතක 5 කට වැඩියෙන් ලබාගත් පිතිකරුවෝ
ක්‍රීඩකයා  කාලසීමාව තරග  ඉනිම්  නො. ලකුණු වැ. ල. සාමාන්‍යය  100 50 200
‍ඩොනල්ඩ් බ්‍රැඩ්මන් (ඕස්ට්‍රේලියාව) 1928-1948 52 80 10 6996 334 99.94 29 13 12
බ්‍රයන් ලාරා (බ.ඉ.කො) 1990-2006 131 232 6 11953 400* 52.88 34 48 9
කුමාර් සංගක්කාර (ශ්‍රී ලංකාව)  2000-2014 121* 207 17 10727 287 56.45 33 45 8
වෝල්ටර් හැමන්ඩ් (එංගලන්තය) 1927-1947 85 140 16 7249 336* 58.45 22 24 7
මහේල ජයවර්ධන (ශ්‍රී ලංකාව)  1997-2014 142 238 15 11236 374 50.38 33 45 7
මාවන් අතපත්තු (ශ්‍රී ලංකාව)  1990-2007 90 156 15 5502 249 39.02 16 17 6
විරෙන්දර් සෙවැග් (ඉන්දියාව)  2001-2013 104 180 6 8586 319 49.34 23 32 6
ජාවෙඩ් මියැන්ඩාඩ් (පාකිස්තානය)  1976-1993 124 189 21 8832 280* 52.57 23 43 6
රිකී පොන්ටිං (ඕස්ට්‍රේලියාව)  1995-2012 168 287 29 13378 257 51.85 41 62 6
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව)  1989-2013 200 329 33 15921 248* 53.78 51 68 6
ග්‍රේම් ස්මිත් (දකුණු අප්‍රිකාව) 2002-2013 114 199 13 9220 277 49.56 27 38 5
රාහුල් ද්‍රාවිඩ් (ඉන්දියාව) 1996-2012 164 286 32 13288 270 52.31 36 63 5
කෙටි යෙදුම්  
නො - නොදැවීම්, වැ.ල. - වැඩිම ලකුණු, 

036


අදහස් (6)

ටෙස්ට් ද්විත්ව ශතක ලාභීන් අතර මහේලට 4 වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.