Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner පන්ජාබ් - චෙන්නායි කරට කර සටනක

පන්ජාබ් - චෙන්නායි කරට කර සටනක

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ (අයි. පී. එල්.) පළමු වටයේ තරග 56 න් තරග 41 ක් අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ජෝජ් බේලි නායකත්වය දරන කිංග්ස් XI, පන්ජාබ් පිල සමත්වී තිබේ.මේ වන විට තරග 10 කට සහභාගී ඇති පන්ජාබ් පිල ඉන් තරග 8 ක් ජයගෙන, 2 ක් පරාජයට පත්වී තිබේ. ඒ අනුව ඔවුන් ලබා සිටින ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 16 කි.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිලද ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා සිටින අතර දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව ඔවුන්ට හිමිවී ඇත්තේ ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිටින නමුත් පන්ජාබ් පිල සමග කරට කර සටනක නිරතව සිටී.

රාජස්ථාන් රෝයල්ස් පිල (ලකුණු 14) සහ කොල්කටා නයිට් රයිඩර්ස් පිල (ලකුණු 10) පිළිවෙලින් ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි සහ සිව්වැනි ස්ථාවල රැදී සිටිති.
පසුගිය වසරේ ශූරතාව දිනාගත් මුම්බායි ඉන්දියන්ස් පිල මේ වසරේදී බලාපොරොත්තු නොවූ ආකාරයක පසුබෑමක් පෙන්නුම් කළ අතර මෙතෙක් සහාභාගී වූ තරග 10 න් ඔවුන්ට ජයගත හැකිව ඇත්තේ තරග 3 ක් පමණි.

කිංග්ස් XI, පන්ජාබ් පිල නියෝජනය කරන ග්ලේන් මැක්ස්වෙල් මේ වන විට තරගාවලියේ වැඩිම ලකූණු ලාභියා බවට පත්ව සිටියි. තරග 10 කදී ලකුණු 517 ක් ලබාගැනීමට ඔහු සමත්වී තිබේ. අර්ධ ශතක 4 ක් සමගින් ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස්කර ඇති අතර එම අර්ධ ශතක 4 ක් 3 ක්ම ලකුණු 90 ඉක්මවා ගිය අර්ධ ශතක වේ. මෙතෙක් තරගාවලියේ වැඩිම හයේ සහ හතරේ පහර ගැසූ කී‍්‍රඩකයා ලෙසද මැක්ස්වෙල් හැදින්විය හැකි අතර මේ වන විට ඔහු හයේ පහර 34 ක් සහ හතරේ පහර 46 ක් සිය ලකුණු 517 ට ඇතුළත් කර තිබේ.

තරගාවලියේ වැඩිම කඩුලූ ලාභින් අතර පෙරමුණ ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ බුවනේෂ්වර් කුමාර් සමත්ව සිටියි. තරග 10 කට සහභාගී වී සිටින ඔහු එහිදී දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 18 කි. එහි සාමාන්‍ය කඩුල්ලකට 12.88 ක් වන අතර රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව ලකුණු 14 කට කඩුලූ 4 ක් දවාගැනීම මෙවර තරගාවලියේදී ඔහුගේ හොඳම පන්දු යැවීමයි.


මැයි 17 වැනිදා වන විට ප‍්‍රසාද ලකුණු පුවරුව

කණ්ඩායම තරග  ජය පරාජ වි. නැති  ප‍්‍ර. ලකුණු සාමාන්‍ය
කිංග්ස් XI පන්ජාබ්  10 8 2 0 16 1.015
චෙන්නායි සුපර් කිංග්ස් 10 8 2 0 16 0.565
රාජස්ථාන් රෝයල්ස් 11 7 4 0 14 0.48
කොල්කටා නයිට්රයිඩර්ස් 10 5 5 0 10 0.063
සන්රයිසර්ස් හයිද්‍රාබාද් 10 4 6 0 8 -0.325
බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් 10 4 6 0 8 -0.327
මුම්බායි ඉන්දියන්ස් 10 3 7 0 6 -0.369
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් 11 2 9 0 4 -1.156


- 036

 


අදහස් (0)

පන්ජාබ් - චෙන්නායි කරට කර සටනක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.