Last Update  :  2024-11-24 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව statistics_inner මහේල සමුගැනීමේ ලිපිය බාරදෙයි

මහේල සමුගැනීමේ ලිපිය බාරදෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 8 Comment
A A A

ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන විස්සයි20 අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව අද (10 වැනිදා) නිල වශයෙන් නිවේදනය කළේය. මහේලගේ සමුගැනීමේ ලිපිය අද (10) පෙරවරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට බාර දුන් අතර ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා එම ලිපිය බාර ගත් බව ප‍්‍රකාශ කළේය.

මහේල එම ලිපිය පෙරේදා (09) ඊමේල් මාර්ගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට යොමු කර තිබේ. එහෙත් එම ලිපිය මහේලගේ අස්සන සහිතව ඊයේ (10) පෙවරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ කාල්ටන් බර්නාඩස් මහතා මගින් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලැබී තිබේ.

තමන් විස්සයි:20 අන්තර්ජාතික තරග වලින් සමුගැනීමේ තීරණය ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් නොදී මාධ්‍යයට පැවසුවේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ මහේල ජයවර්ධන අතර ගැටුමක්ද නිර්මාණය වී තිබේ.

විස්සයි:20 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුගිය 8 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී පැවැති මාධ්‍ය හමුවේදී මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දොස් පැවරූ අතර තමන් විස්සයි:20 අන්තර්ජාතික තරග වලින් සමුගන්නා බව නිල වශයෙන් දැනුම්දීමට ලිපියක් රැගෙන පැමිණි බව ද මහේල පැවසීය.

මහේල මේ වන විට විස්සයි20 අන්තර්ජාතික තරග 55 කදී ශතකයක් සහ අර්ධ ශතක 9 ක් සමගින් ලකුණු 1,493 ක් රැුස්කර සිටින අතර එහි සාමාන්‍ය 31.76 කි. මහේල විස්සයි20 ලෝක කුසලාන අවසන් තරගයේදී ලකුණු 1,000 සම්පූර්ණ කරමින් විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ ලකුණු 1,000 ක් සම්පූර්ණ කළ පළමු ක‍්‍රීඩකයා ලෙස බිදිය නොහැකි ලෝක වාර්තාවක් ද පිහිටුවීය.

කුමාර් සංගක්කාර ද ලෝක කුසලානයට පෙර අන්තර්ජාතික විස්සයි20 ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පැවසුව ද මේ දක්වා නිල වශයෙන් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැනුවත් කර නොමැත.


අදහස් (8)

මහේල සමුගැනීමේ ලිපිය බාරදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.