Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (25) පැවැති පළමු වටයේ අවසන් තරගයේදී අනපේක්‍ෂිත ජයක් ලැබූ රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් පිල අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත් විය.
මුම්බායි පිල පළමු වටයේ තරග අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පැමිණීයේය.
මුම්බායිහි වැන්කඬේ ක‍්‍රීඩාංණයේදී පැවැති මෙම තරගයේදී රාජස්ථාන් පිලට එරෙහිව ශුද්ධ ලකුණු වේගය පවත්වා ගනිමින් ජය ලැබීමට මුම්බායි පිලට පන්දු 87 කින් හෙවත් ඕවර 14.5 කදී ලකුණු 190 ක දැවැන්ත ඉලක්කයක් කරා යාමට සිදුවිය.
ඇදහිය නොහැකි පිතිහරඹයක් ප‍්‍රදර්ශනය කළ මුම්බායි පිතිකරුවෝ ඕවර 14.4 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 195 ක් රැස්කරමින් ශූද්ධ ලකුණු වේගය අනුව අවසන් සිවුදෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය. මුම්බායි පිල සහ රාජස්ථාන් පිල තරග 7 බැගින් ජය ලබා ප‍්‍රසාද ලකුණු 14 බැගින් ලබා සිටියි.
මුම්බයි පිල වෙනුවෙන් අති විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ, ලොව වේගවත්ම එක්දින අන්තර්ජාතික ශතක වාර්තාවට ද හිමිකම් කියන නවසීලන්ත පිලේ ප‍්‍රවේගකාරි පිතිකරු කෝරි ඇන්ඩසන් පන්දු 44 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 6 ක් සමගින් නොදැවී ලකුණු 95 ක් රැස් කළේය.
ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් තරග 10 කට සහභාගි වී කඩුලූ 16 ක් සහභාගි වී එංගලන්ත සංචාරයට පිටත්ව ගියේය.
මුම්බායි පිල තරග 10 කට සහභාගි වී තරග තුනක් පමණක් ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ හත්වැනි ස්ථානයේ සිටි අතර ඉතිරි තරග හතරම ජය ලබමින් අවසන් වටයට පැමිණීම කැපී පෙනේ.
රාජස්ථාන් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 189
(සංජු සැම්සන් 74, කරුන් නයිර් 50, බ‍්‍රැඞ් හොජ් නොදැවී 29, ජේම්ස් ෆෝක්නර් 23)
මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 14.4 කදී කඩුලූ 5 ට 195
(මයික් හසී 22, කොරි ඇන්ඩසන් නොදැවී 95, රෝහිත් ශර්මා 16, අම්බාටි රයිදු 30, ධාවල් කුල්කරනි 42/2, කෙවොන් කූපර් 38/2)
කණ්ඩායම | තරග | ජය | පරාජ | වි. නැති | ප‍්‍ර. ලකුණු | සාමාන්‍ය |
කිංග්ස් XI පන්ජාබ් | 14 | 11 | 3 | 0 | 22 | 1.968 |
කොල්කටා නයිට්රයිඩර්ස් | 14 | 9 | 5 | 0 | 18 | 0.418 |
චෙන්නායි සුපර් කිංග්ස් | 14 | 9 | 5 | 0 | 18 | 0.385 |
මුම්බායි ඉන්දියන්ස් | 14 | 7 | 7 | 0 | 14 | 0.095 |
රාජස්ථාන් රෝයල්ස් | 14 | 7 | 7 | 0 | 14 | 0.06 |
සන්රයිසර්ස් හයිද්‍රාබාද් | 14 | 6 | 8 | 0 | 12 | -0.399 |
බැංගලෝර් රොයල් චැලෙන්ජර්ස් | 14 | 5 | 9 | 0 | 10 | -0.428 |
දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් | 14 | 2 | 12 | 0 | 4 | -1.182 |
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.