Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 40 ක් ඇතුළත ඕස්ට්‍රේලියාව නියෝජනය කළ ක්‍රීඩකයන් අතුරින් අළුබඳුන ටෙස්ට් තරගාවලිය සඳහා හොඳම ක්‍රීඩකයන් 11 දෙනෙකුගේ කණ්ඩායම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම්කරනු ලැබ ඇත. ක්‍රීඩාලෝලීන්ගේ මනාපය අනුව එම කණ්ඩායම තොරාගෙන ඇති අතර ඊට පිතිකරුවන් 7 දෙනෙක් (කඩුලු රකින්නාද සමගින්), දඟ පන්දු යවන්නෙක් සහ වේග පන්දු යවන්නෝ තිදෙනක් ඇතුළත්ව සිටිති.
මෙම කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස ඇඩම් ගිල්ක්‍රිස්ට්ද, දඟ පන්දු යවන්නා ලෙස ෂේන් වෝන්ද වැඩිම දෙනෙකුගේ මනාපයෙන් තේරී පත් වී ඇති අතර ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ වත්මන් නායක ස්ටීව්න් ස්මිත්ට මැද පෙළ පිතිකරුවන් අතර ස්ථානයක් අහිමි වී ඇත්තේ ඉතා සියුම් ලෙසිනි.
කණ්ඩායමේ අරම්භක පිතිකරුවන් ලෙස මැතිව් හේඞ්න් සහ ජස්ටින් ලැන්ගර් තේරී පත්ව ඇති අතර රිකී පොන්ටින්, ස්ටීව් වෝ, ඇලන් බෝඩර් සහ මයික් හසී පිලිවෙළින් අංක 3, 4, 5 සහ 6 ස්ථාන සඳහා නම් කර සිටිති. කෙසේ වුවත් මෙම කණ්ඩායමට නායකයකු නම් කර නොමැති අතර එම අවස්ථාවද ක්‍රීඩාලෝලීන්ට බාරදීමට ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අවිය කටයුතු කර තිබේ.
මිචෙල් ජොන්සන්, ඩෙනිස් ලිලී සහ ග්ලේන් මැග්‍රාත් කණ්ඩායමේ වේග පන්දු යවන්නන් ලෙස තේරී පත්ව සිටිති. කණ්ඩායමට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන්ගේ විස්තර කණ්ඩායමේ පිතිකරු අනුපිළිවෙල අනුව පහත සඳහන් වේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.