Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ සිට....)
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණය කොතෙකුත් වෘක්ෂයන්ගෙන් අලංකාර වූ ක්‍රීඩාංගණයකි. තවමත් රූස්ස ගස් යයි කිව නොහැකි නමුත් මෙම වෘක්ෂ අතරේම, ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අන්තයේ දර්ශන තිරයට වම් පසින්, ප්‍රේක්‍ෂකයන්ගේ තීරුවේ පිහිටි මයිල ගස ක්‍රිකට් ලෝලීන්ගේ මහත් ආදරයට ලක්වූ වෘක්ෂයකි.
එතරම් විශාල නැතත්, දඹුල්ලේ අන්තර්ජාතික තරගයක් පැවැත්වෙන අවස්ථාවලදී මෙම මයිල ගස යට රොක්වන ප්‍රේක්‍ෂක පිරිස්, පස්වරුවේදී එහි සෙවණැල්ලේ සිටිමින් තරගය නරඹති. රාත්‍රියේදී එම ගස මතට නැගගන්නා ක්‍රිකට් ලෝලීහු සිංහ කොඩි වනමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජය ඝෝෂා නඟති.
දින දෙකකට පෙර, නොවැම්ර් 10 වැනි ඉරිදාත් මේ තත්ත්වයේ වෙනසක් නොවීය. එහෙත් හෙට සිට ප්‍රේක්‍ෂකයන්ට නගින්නට හැකිවන පරිදි මයිල ගසේ අතු ඉති නැත. දඹුල්ල ක්‍රීඩාංගණයේ බලධාරීන් විසින් අද සවස් වරුවේ මයිල ගසේ අතු රැසක් කපා දමන ලදි.
මෙම ගසේ අතු කපා දමන ලද්දේ ක්‍රිකට් ලෝලීන් එයින් වැටී තුවාල කරගැනීමේ අවදානමක් පැවැති හෙයින් බව වටහාගත හැකි කාරණාවකි. එහෙත් ඒ වෙනුවෙන් ගතහැකි විකල්ප ක්‍රියාමාර්ග කොතෙකුත් තිබියදී ගසේ අතු කපා දැමීම යුක්ති සහගත දැයි සනත් ජයසූරිය මහතාද ඒ අසළටම ගොසින් අතු කපමින් සිටි අයගෙන් ප්‍රශ්න කර සිටියේය.
දඹුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී නිරන්තරයෙන්ම ගනු ලබන ඡායාරූප අතරට මෙම මයිල ගසේ සිට තරගය නරඹන පිරිස් එක් කරන්නේ වෙනමම ආලෝකයකි. පසුගිය පෙබරවාරි මාසයේදී පැවැති ඇෆ්ඝනිස්ථානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී ක්‍රිකට් ලෝලීන් මෙම ගස මත නැඟී ඔල්වරසන් දෙමින් තරගය නරඹන ආකාරය ප්‍රංශ පුවත් සේවයේ කැමරා ශිල්පී ඉෂාර කොඩිකාරගේ කාචයට හසුවීමෙන් එහි ඡායාරූප ලෝකය පුරා විසිර ගියේය.
මයිල ගසේ අතු කපා දැමුවද ගස මුලින් උදුරා නොදැමීම එක අතකින් වඩා සාධාරණ ආකල්පයකි.
වසර 2003 ලෝක කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව දකුණු අප්‍රිකාවේ පීටර්මැරිට්ස්බර්ග් නුවරදී පැවැති තරගයේ පළමු පන්දු තුනෙන්ම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් චමින්ද වාස් පළමු ඕවරය නිමා කළේ ලකුණු 05 කට කඩුලු 4 ක් දවාගැනීමෙනි. එම තරගයේදී ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ 9.5-2-25-6 ලෙසිනි. එදා තරගයේ වීරයා සම්මානය දිනාගත් චමින්ද වාස්ගෙන් පීටර්මැරිට්ස්බර්ග් ක්‍රීඩාංගණ බලධාරීන් ඉල්ලා සිටියේ කඩුලු ත්‍රිත්වය සිහිවීමට පැළයක් රෝපණය කරන ලෙසයි.
එදා සිටවූ ලික්විඩ්-ඇම්බර් වර්ගයේ ගස ඊට වසර කිහිපයකට පසුව පීටර්මැරිට්ස්බර්ග් ක්‍රීඩාංගණයට ගිය අවස්ථාවේදීත් තමන් දුටු බව චමින්ද වාස් සහතික කළේය.
ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදීත්, ඕස්ටේ්‍රලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදීත් ටෙස්ට් ශතකයක් හෝ කඩුලු 5 ක් ලබාගන්නා ක්‍රීඩකයකුගේ නම සටහන් කරන සුවිශේෂී පුවරුවක් තිබේ. එම පුවරුවට නම ඇතුළත්කර ගැනීම ඕනෑම ක්‍රීඩකයකුගේ සිහිනයකි.
එලෙසින්ම රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී සහ හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරගයකදී නැතහොත් විස්සයි-20 අන්තර්ජාතික තරගයකදී ශතකයක් හෝ කඩුලු 5 ක් දවගන්නා ක්‍රීඩකයකුට තද අරටුවකින් යුත් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවක් ලබාදිය හැකිනම්, එය ක්‍රීඩකයන්ගේ ආත්ම අභිමානයට මෙන්ම සමස්ත ලෝකයේම පරිසර පද්ධතියටත් කළ හැකි මාහැඟි දායාදයකි.
එවන් සම්ප්‍රදායක් ඇරඹීමට සුදුසු කාලය පැමිණ තිබේ.
දඹුල්ල ක්‍රීඩාංගණයේ මයිල ගස අද
දඹුල්ල ක්‍රීඩාංගණයේ මයිල ගස නොවැම්බර් 10 වැනි ඉරිදා
මයිල ගසේ ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
චමින්ද වාස් පීටර්මැරිට්බර්ග් නුවරදී සිටවූ ලික්විඩ් ඇම්බර් වර්ගයේ ගසක්
ඡායාරූපය - අන්තර්ජාලයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.