Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හර්මන්ප්‍රීත් කෞර් නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් විය. ඒ පෙරේදා (15 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී මෙග් ලැනිං නායකත්වය දැරූ දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම ලකුණු 8 කින් පරාජයට පත් කරමිනි.
ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 141 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නටාලියා සීවර් ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගත් අතර ඇමීලියා කේර් ලකුණු 25 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය.
පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩිකාවෝ ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 149 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ නායක හර්මන්ප්‍රීත් කෞර් පන්දු 44 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 66 ක් රැස්කරමින් සිය කණ්ජඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවාය.
මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 7 කට 149
(නටාලියා සීවර් 30, හර්මන්ප්‍රීත් කෞර් 66, අමන්ජෝත් කෞර් නොදැවී 14, මැරිසේන් කේප් 11/2, ජෙස් ජොනසෙන් 26/2, නල්ලපුරෙඩ්ඩි චරනි 43/2)
දිල්ලි කැපිටල්ස් - ඕවර 20 කදී කඩුලු 9 කට 141
(ජෙමියා රොඩි්‍රගස් 30, මැරිසේන් කේප් 40, නිකී ප්‍රසාද් නොදැවී 25, නටාලියා සීවර් 30/3, ඇමීලියා කේර් 25/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.