Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සවුදි අරාබියේ ජේඩා නුවරදී පැවැති 2025 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේ මුල් අදියර 7 තුළ වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනා වූ වනිඳු හසරංගගේ සහ මහීෂ් තීක්ෂණගේ සේවය මිලදී ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකරුවෝ ඉදිරිපත් වූහ.
වෙන්දේසියේදී වනිඳු සහ තීක්ෂණ පිළිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 5.25 ක් සහ කෝටි 4.4 ක් අලෙවි වූ අතර එහිදී වනිඳුට හිමිවන මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 18 ක්ද, තීක්ෂණට හිමිවන මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 15 ක්ද ඉක්මවනු ඇත.
වනිඳු සහ තීක්ෂණ වෙන්දේසිය සඳහා ලියාපදිංචි වී සිටින ක්‍රීඩකයන් අතර ඉහළම මූලික ලන්සුව වන ඉන්දීය රුපියල් කෝටි 2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 7 ක් පමණ) ලන්සුව යටතේ ලියාපදිංචි වී සිටියහ. වෙන්දේසියේදී ඔවුන්ගේ සේවය මිලදී ගැනීම සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරුවන්ද දැඩි උත්සාහයක් දැරූ නමුත් අසාර්ථක විය.
තීක්ෂණ ඉකුත් වසරේදී (2023) සහ මෙම වසරේදී (2024) චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර වනිඳු හසරංග ඉකුත් වසරේදී බැංගලෝර් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමටද, මෙම වසරේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමටද ක්‍රීඩා කළේය.
කෙසේ වුවත් ලබන වසරේදී පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලිය සඳහා වන මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත්වීම සඳහා ඔවුන් දෙදෙනාවම කණ්ඩායම් වලින් මුදාහැරීමට එම කණ්ඩායම් කලමණාකාරීත්වයන් පියවර ගත්තේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.