Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහ තරගය පිළිබඳ නවසීලන්තය බලාපොරොත්තු ඉහළ නංවා ගත්තේ 3-0 ක් ලෙසින් ඉන්දියාවේදීම ඉන්දියාව පරාජය කිරීමෙන් පසුවය. මේ අතරවාරයේදී දකුණු අප්‍රිකාව මෙන්ම ශ්‍රී ලංකාවත් ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් තරගයේ තැනක් සොයන්නට වූහ. ඉන්දියාව මෙන්ම ඕස්ටේ්රලියාවත් කල්වේලා ඇතිවම මේ තරගයට පිවිස සිටියදී ක්‍රයිස්ට්චර්ච් නුවරදී එංගලන්තය හමුවේ නවසීලන්ත කණ්ඩායම ලද පරාජය ඔවුන්ගේ අපේක්ෂා තරමක් දුරට සසළ කළේය.
කෙසේ වෙතත් නවසීලන්තය තවමත් සටනින් ඉවත් වී නැත.
ඉතිරි ටෙස්ට් තරග දෙකම ජයගනිමින් 2-1 ක් ලෙසින් එංගලන්තය පරාජය කිරීමට නවසීලන්තයට හැකිනම්, 57.14% ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබාගැනීමට නවසීලන්තයට අවස්ථාව තිබේ. ඒ ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු පුවරුවේ නවසීලන්තයට යා හැකි උපරිම දුරයි.
එවන් තත්ත්වයකදී නවසීලන්තයේ 57.14්‍ර ජයග්‍රාහී ප්‍රතිශතය පසුකර යාමට නම් ඉන්දියාව තමන්ට ඉතිරිවී තිබෙන තරග 4 න් දෙකක් ජයගත යුතුව තිබේ. ඕස්ටේ්රලියානුවන් ඉතිරිව ඇති තරග 6 න් (ශ්‍රී ලංකාවට එරෙහිව තරග 2 ත් ඇතුළත්ව) තරග 4 ක් ජයගත යුතුය. දකුණු අප්‍රිකානුවන් ඉතිරි වී ඇති තරග 3 න් (ශ්‍රී ලංකාවට එරෙහිව 1යි, පාකිස්තානයට එරෙහිව 2 යි) තරග 2 ක් ජයගත යුතුය. ශ්‍රී ලංකාව ඉතිරි තරග තුනම (දකුණු අප්‍රිකාවට එරෙහිව 1 යි, ඕස්ට්‍රේලියාවට එරෙහිව 2 යි) ජයගත යුතුව තිබේ.
මේ කාරණා 4 න් අඩුතරමේ තුනක් වත් ඉටු නොවන්නේ නම් නවසීලන්ත බලාපොරොත්තු ඉතිරි වනු ඇත. ඕස්ට්‍රේලියානුවන් විසින් 3-2 ක් ලෙසින් ඉන්දියාව පරාජය කරන්නේ නම්, ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකේදීම ඕස්ට්‍රේලියානුවන් පරාජය වූවත් ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ නවසීලන්තය අතර අවසන් ස්ථාන දෙක වෙනුවෙන් තියුණු සටනක් පවතිනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.