Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(අන්තර්ජාතික වාර්තා ඇසුරිනි - සැකසුම : දමින්ද විජේසූරිය)
2024 වසරේ දෙසැම්බර් මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා වශයෙන් ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා තේරී තිබේ. ක්‍රිකට් ලෝලන්ගේ මනාප ඡන්ද ද සලකා බලමින්, අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පත්කරන ලද විශේෂ තේරීම් කමිටුවක් විසින් මෙම තෝරාගැනීම කර තිබේ.
පසුගියදා නිමාවූ බෝඩර් - ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ බුම්රා, එහිදී සිය 200 වැනි ටෙස්ට් කඩුල්ලත් දවාගත්තේය. ටෙස්ට් කඩුලු 200 ක් දවාගත් පන්දු යවන්නන් අතර එකකට ලකුණු 20.00 ට අඩු සාමාන්‍යයක් පවත්වාගත් එකම පන්දු යවන්නාත් ජස්ප්‍රීට් බුම්රායි.
බෝඩර් ගවස්කාර් කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම 3-1 ක් ලෙසින් පරාජය වූ නමුත් නිරන්තරයෙන් ඕස්ටේ්රලියානු පිතිකරුවන් විමසිල්ලෙන් තබාගත් බුම්රා දෙසැම්බර් මාසයේදී පමණක් කඩුලු 22 ක් දවාගත්තේය. එම කඩුලු 22 දවාගැනීමේදී එකක් සඳහා සාමාන්‍යය 14.22 ක් ලෙසින් පවත්වා ගැනීම අති විශිෂ්ට දස්කමකි.
ජනවාරි මස 5 වැනිදා නිමාවූ බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලියේදී බුම්රා කඩුලු 32 ක් දවාගත්තේය. බුම්රා දෙසැම්බර් මාසයේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමිකර ගත්තේ ඕස්ටේ්රලියානු නායක පැට් කමින්ස් සහ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නා වූ ඩෑන් පීටර්සන් අභිබවා යමිනි. බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරාජය වූ නමුත් බුම්රා තරගාවලියේ වීරයා වශයෙන් ද සම්මාන දිනාගත්තේය.
බෝඩර් - ගවස්කාර් කුසලාන තරගාවලියේදී බුම්රාගේ පන්දු යැවීම්
1 වැනි ටෙස්ට් තරගය - 30/5 සහ 42/3 පර්ත් නුවරදී
2 වැනි ටෙස්ට් තරගය - 61/4 සහ 02/0 ඇඩිලේඩ් නුවරදී
3 වැනි ටෙස්ට් තරගය - 76/6 සහ 18/3 බි්රස්බේන් නුවරදී
4 වැනි ටෙස්ට් තරගය - 99/4 සහ 57/5 මෙල්බර්න් නුවරදී
5 වැනි ටෙස්ට් තරගය - 33/2 සිඩ්නි නුවරදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.