Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket පවන් - සොනාල් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඔසවා තබති

පවන් - සොනාල් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඔසවා තබති

editorial - 2024 නොවැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට එරෙහිව රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සිවුදින තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (20 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 157 ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තවත් කඩුලු 6 ක් අතැතිව පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමට‍ වඩා ලකුණු 180 ක් ඉදිරියෙන් සිටින අතර තෙවැනි දිනය අවසන් වන විට පවන් රත්නායක හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 64 ක්ද, සොනාල් දිනූෂ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 51 ක්ද ලබා සිටියහ.

ලකුණු 46 කට කඩුලු 4 ක් බිඳවැටී තිබියදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111 ක සම්බන්ධතාවක් පිහිටුවමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම වැටී තිබූ ආගාධයෙන් ගොඩ ගැනීමටද පවන් සහ සොනාල් සමත් වූහ. ශ්‍රී ලංකා ‘ඒ’ ඉනිමේ බිඳ වැටුණු කඩුලු 4 න් 2 ක් තමන් සතුකර ගැනීමට අහමඩ් බාෂීර් සමත් විය.

දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 212 ක් ලබා සිටි පාකිස්ථාන ‘ඒ’ කණ්ඩායම තෙවැනි දිනයෙදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 75 ක් එක්කර ගත්තේය. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වනුජ සහන් ලකුණු 74 කට කඩුලු 5 ක් බිඳහෙළුවේය.

 

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 310 
(අහන් වික්‍රමසිංහ 30, පවන් රත්නායක 35, සොනාල් දිනූෂ නොදැවී 85, දිනුර කළුපහන 30, වනුජ සහන් 63, ඉසිත විජේසුන්දර 51, කුරාම් ශෙෂාඩ් 30/6, අහමඩ් සාෆි අබ්දුල්ලා 100/2)

පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිම - සියලු දෙනා දැවී 287
(අබ්දුල් ෆශී 59, අලී සර්යබ් 32, මොහොමඩ් සුලෙයිමාන් 40, හයිදර් අලී 35, හුසේන් තලාත් 25, අහමඩ් සාෆි අබ්දුල්ලා 39, වනුජ සහන් 74/5)

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 157
(පවන් රත්නායක නොදැවී 64, සොනාල් දිනූෂ නොදැවී 51)


අදහස් (0)

පවන් - සොනාල් ශ්‍රී ලංකා ‘ඒ’ පිල ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.