Last Update  :  2025-01-15 11:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තරුෂි නදීෂා කාලිංග ජපානයට
ඔසාකා ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා

තරුෂි නදීෂා කාලිංග ජපානයට

editorial - 2024 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජපානයේ ඔසාකා නුවරදී ඉරිදා (12) පැවැත්වෙන ඔසාකා ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගිවීම සඳහා ආසියානු මීටර් 800 (කාන්තා) රන් පදක්කම්ලාභීණී තරුෂි දිල්සරා කරුණාරත්න ඇතුළුව මීටර් 400 ක්‍රීඩිකා නදීශා රාමනායක හා මීටර් 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ අද (8) රාත්‍රි​ෙය්දී දිවයිනෙන් පිටත්වයාමට සූදානමින් සිටියහ. 

අඩුම තරමින් තරගාවලියට දින කීපයකට පෙරවත් ඔසාකා නුවරට ළගාවී සිටිමට තමන්ට අවස්ථාව දෙන ලෙස ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි. 

ඩුබායි ග්‍රෝන් - ප්‍රී තරගාවලියට සහභාගි වීමෙන් පසුව පසුගිය 3 වැනිදා දිවයිනට පැමිණි ඇය ඔසාකා තරගාවලියට සුදානමින් දිගනදී යළිත් පුහුණුවීම් ආරම්භ කර තිබේ. සිකුරාදා ඩුබායිහිදී පැවැති ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ඇය මිටර් 800 (කාන්තා) ඉසව්වේ තරග වදිමින් සිටින අතර ඇය අතරමග ධාවනයෙන් ඉවත් වුවාය.

ඒ පිළිබඳව සංචාරයට සහභාගිවී සිටි ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පැවැසුවේ ඇයට කිසිදු ආබාධ තත්ත්වයක් නොමැති බවත් තරග සංචාරයේදී ඇය පත්ව සිටි තෙහෙට්ටුව නිසා ඇය එසේ ධාවනයෙන් අතරමග ඉවත්වූ බවත්ය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් මීළගට යෙදී තිබෙන ඔසාකා තරග සංචාරය සදහා දින කීපයකට කළින් ජපානයට ළගාවීමේ පහසුකම් සළසන ලෙස ඇය මේ වන විට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට දැනුම්දී තිබූ බවද වාර්තාවේ.

එසේ කල් තියා තමාට ඔසාකා නුවරට ළගාවිය නොහැකි නම් තමා ඔසාකා සංචාරයෙන් ඉවත් වන බවත් ඇය මලල ක්‍රීඩා ආයතනයට දැනුම්දී තිබුණු බවද වාර්තාවේ.

ඔසාකා තරග සංචාරයට තරුෂි හැරෙන්නට ශ්‍රී ලංකාවෙන් මිටර් 400 ක්‍රීඩක කාලිංග කුමාරගේ හා මිටර් 400 ක්‍රීඩිකා නදීෂා රාමනායකත් සහභාගි වීමට නියමිතය. මෙම ක්‍රීඩිකාවන් තිදෙනා හැරෙන්නට ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්ද සිකුරාදා පැවැති ඩුබායි ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූහ. එහෙත් ඔවුන් සියලු දෙනාට අපේක්ෂිත ප්‍රතිඵල කරා පැමිණීමට නොහැකි වූහ.

දැන් පැවැත්වෙන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලට සහභාගිවීමේ මොවුන්ගේ මූලිකම අපේක්ෂාව වන්නේ ජුලි මාසයේදී පැරිස් නුවරදී ආරම්භ වන ගිම්හාන ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනිමය.

කෙසේවුවත් ඒ සදහා ලොව පුරා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන ජුනි 30 වැනිදා දක්වා අවස්ථාව හිමිව තිබේ.

තවමත් 20 හැවිරිදි වියේ පසු වන තරුෂි දිල්සරා කරුණාරත්න 2023 ජුලි මාසයේ තායිලන්තයේදී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී මිටර් 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 02 තත්පර 00.66 කට එහි නව ආසියානු වාර්තාවක්ද පිහිටුවමිණි. ඒ සදහා පැරිස් ඔලිම්පික් නිර්දේෂය විනාඩි 1තත්පර 59.03 කි.

ඒ අතරම එම වසරේ ඔක්තෝබර් 8 වැනිදා චීනයේදී නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී තරුෂි මිටර් 800 (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 2 තත්පර 05.48 කටය.

මෙම ජයග්‍රහණය හමුවේ ඇය මේ වන විට ආසියාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඉහළම අවධානයක් දිනා සිටින ශ්‍රී ලාංකික මලල ක්‍රීඩා තරුවක් බවට පත්ව සිටියි. ඒ හමුවේ එයින් පසුව පළමු වතාවටත් සිකුරාදා ඩුබායි නුවරදී ඇගේ තරග වැදීම දැඩි අවධානයට යොමු වුවාය.

 ඔසාකා සංචාරයෙන් පසුව ආසන්නයේදීම ජූනි මාසයේ මුලදී තායිවානයේදී පැවැත්වෙන එරට තරගාවලියකට ඇය සහභාගි වීමටද සූදානම්ව සිටින්නීය.

 කෙසේවූවත් පැරිස් ඔලිම්පික් උළෙල සදහා මෙතෙක් නිර්දේශ ලබා ගැනීමට කිසිදු ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් සමත්ව නොමැත. ඒ සදහා මේ වන විට ආසන්නයටම ළගා වෙමින් දක්ෂතා දැක්වූවන් අතර තරුෂි කරුණාරත්න හැරෙන්නට මිටර් 100 ශූර යුපුන් අබේකෝන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනෙකු සිටිති.

මේ අතර තරුෂි ඉල්ලා ඇති පරිදි පහසුකම් සළසමින් ඇය ජපන් තරග සංචාරයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන්ටද උපදෙස් ලබාදී තිබේ.

 


අදහස් (0)

තරුෂි නදීෂා කාලිංග ජපානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.